ගෝලීයකරණය වර්තමානය වන විට අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික, සෞඛ්‍ය, ආගමික, තාක්ෂණය, සන්නිවේදනය, කලා සාහිත්‍ය, නීතිය මෙන්ම සමාජීය යන සෑම අංශයක්ම පාහේ වසාගෙන හමාරය. එය යහපත් ආකාරයෙන් මෙන්ම අයහපත් ආකාරයෙන් දැකගත හැකිය. මෙම පැතිකඩයන් දෙකම විමසා බලන කළ ගෝලීයකරණය වැඩි වශයෙන් සෑම අංශයක් කෙරෙහිම අයහපත් ලෙස බලපාන බව දැකගත හැකිය. එනිසාම ගෝලීයකරණට එරෙහිව විවිධ වූ ව්‍යාපාරයන් බිහි වී ඇත. ගෝලීයකරණයේ අයහපත් බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බව පහත කරුණු මගින් තහවුරු කර ගත හැකිය. * බහුජාතික සමාගම්වල පැමිණීමත් සමග කොකාකෝලා, පැන්ටා, ස්ප්‍රයිට් වැනි බීම ජාතිවලට හුරු වීමත් EGB නැතුව කෑම එපා සංස්කෘතිය බිහිවීමත්, මැක්ඩොනල්ඩ්, පීට්සා හට් වැනි ව්‍යාපාරයන් බිහිවීමත් සිදු විය. මේ හරහා මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම කුඩා පරිමාණ වෙළදසැල් වැසී යාමත්, පාඩු ලබන තත්ත්වයන්ට පත් වීමත්, පුද්ගලීකරණයට ලක් වීමත් සිදු විය. නිදසුන් ලෙස, 1. වේයන්ගොඩ “වේටෙක්ස්‘ හා තුල්හිරිය “තුල්ටෙක්ස්“ රෙදි කර්මාන්ත ශාලාව 2. ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි කම්හල් 3. පුත්තලම හා ගාල්ල සිමෙන්ති කම්හල් 4. නාත්තණ්ඩිය හා රත්මලාන වීදුරැ ...