ආත්මානුකම්පාව



නොනවතින ගමනක්,
ඉටු නොවන සිහිනයක්,
පුංචියට හරි සිත්තම් කරන්නට,
මටත් හැකි වුණා නම්...

පුපුරු ගැහෙනා හදවතක්,
කදුළු දග කරන දෙනයනක්,
මොහොතකට හරි පිනවන්න,
මටත් හැකි වුණා නම්...

ගෙවෙන හැම තත්ත්පරයක්,
හූල්ලන වාරයක්,
මතක ඔබෙ නවතන්න,
මටත් හැකි වුණා නම්...

පැතිර යන ඝනදුරක්,
පුදුම හුදකලාවක්,
මොහොතකට සැනසෙන්න,
මටත් හැකි වුණා නම්...

🖋️නිපුනි භාග්‍යා පීරිස්😊

Comments

Popular posts from this blog

පෞරුෂය යනු

සමාජානුයෝජනය

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)