වර්තමාන ධර්ම සන්නිවේදනය වානිජ්‍යකරණයට ලක්ව ඇත්ද ?

මෙම ප්‍රශ්නයට අදාළව වර්තමාන ධර්ම සන්නිවේදනය වාණිජ්‍යකරණයට ලක් වී ඇති බව හෝ වාණිජ්‍යකරණයට ලක් වී නැති බව යන පැතිකඩයන් දෙක කෙරෙහිම කතා කළ හැකි අතර මා විසින් මෙහිදී වර්තමාන ධර්ම සන්නිවේදනය වාණිජ්‍යකරණයට ලක් වී නැති බව පෙන්වා දෙනු ලබයි.

බුදුරජාණන් වහන්සේ මනා සන්නිවේදන  කෞෂල්‍යකින් හෙබි විශිෂ්ට ශාස්තෘවරයෙකි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. එදවස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විශාල ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්මය දේශන කළ නක් උදායි හිමි පිළිබද ආනන්ද හිමියන් විසින් බුදුහිමිව දැනුවත් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමිට ප්‍රකාශ කරනු ලැබුවේ අන් අයට ධර්මය දේශනා කිරීම දුෂ්කර කටයුත්තක් බවයි. ඒ බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උදායි සුත්තයේ දක්වා ඇත්තේ නඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දේසෙතුං" යනුවෙනි. බුදුන් වහන්සේ මෙලෙස දේශනා කරනු ලැබූ ධර්මය වර්තමානයේ ජනතාව වෙතට සමීප කරන උතුම් කර්තව්‍ය ඉටු කරනුයේ  බුදුන් වහන්සේ සරණ ගියා වූ ශ්‍රාවක සංඝ රත්නය හා උපාසක උපාසිකා පිරිසයි. 

අධිවේගී විද්‍යාත්මක හා තාක්ෂණික වර්ධනය මගින් ලෝකයට පුනර්ජීවනයක් ලැබ මුලු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වීමත් සමග ධර්ම සන්නිවේදනය කිරීමට විද්්‍යුත්මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීමට පටන් ගැනුණි. මෙලෙස තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුව සැලකිල්ලට ගෙන වත්මන් ලෝකයේ පිරිහීමට පත්ව ඇති ආධ්‍යාත්මික හා සදාචාරමය පරිසරය ගොඩනැගීමෙහිලා ආගමික ආයතනයන්ගේ මෙන්ම මාධ්‍යන්හිද වගකීම අතිවිශාලය. නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යට අනුගත වූ සීමාවන් අවබෝධ කරගනිමින් එහි ඇති උපරිමය වාසිය ධර්ම දායාදය බවට පත් කර ගත යුතු වේ. වර්තමාන ධර්ම සන්නිවේදනය වාණිජ්‍යකරණය නොවී ඇති බව විද්‍යුත් මාධ්‍ය ගණයෙහිලා සැලකෙන රූපවාහිනිය ඔස්සේ තෝරාගත් නාළිකා කිහිපයක් ඇසුරින් විමසා බලමු. එහිදී විකාශනය වන්නා වූ වැඩසටහන්, සමාජයට සිදු වූ සේවාවන් හා නාළිකාවල කාර්‍යභාර්‍යන් විමසා බැලීම කළ හැක.

දේශපාලනික, ආගමික, සමාජීය හා අධ්‍යාපනික යන අංශයන් පිළිබඳ වෙන වෙනමත්, මේ සියලු අංශයන් එක්කොටත් පවතින තොරතුරු හුවමාරු කරන නාළිකා වර්තමානයේ බිහි වී ඇත. ඒ අතුරින් ආගමික අංශය වෙනුවෙන් පමණක් වෙන් කර ඇති නාළිකාවන් ලෙස,

* ශ්‍රද්ධා රූපවාහිනිය 

* රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය 

* සියැස රූපවාහිනිය 

* බෞද්ධයා රූපවාහිනිය

යනාදිය ඉන් සමහරකි. තවද දෙරණ, ජාතික රූපවාහිනිය, හා සිරස යන රූපවාහිනී යන නාළිකාවලත් ධර්ම සන්නිවේදනය ක්‍රියාත්මක වේ.

                1. ශ්‍රද්ධා රූපවාහිනිය 

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා අසපු සංචිතය විසින් 2012 සැප්තැම්බර් 29 දින ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කළහ. ශ්‍රද්ධා අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්‍ය්ය මණ්ඩලය හා මාසික ධර්මදාන සාමාජිකයන් යන කාර්‍ය්ය මණ්ඩලය මගින් මෙම නාළිකාව පවත්වාගෙන යනු ලබයි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම විකාශනය කටයුතු සිදු කරයි. මෙහි අරමුණ බවට පත්ව ඇත්තේ, " භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ලොවට දායාද කිරීමයි" මිනිස් සිත් සතන් තුළින් ගිලිහෙමින් පවතින කරුණාව, මෛත්‍රිය ආදී මානුෂීය ගුණධර්ම යලි උපදවාලීමටත්,  ලෝසතුන් සසර දුකින් එතෙර කරවන ජීවිතය විනිවිද දැකීමට උපකාරිීවන ප්‍රඥාව පුබුදුවාලීම මෙම ‍ බෞද්ධ නාළිකාවේ වෑයමයි. ශ්‍රද්ධා රූපවාහිනිය,

* බස්නාහිර දකුණ හා රජරට පළාතට UHF 55

*  Peo Tv-  Channel 99

Dialog Tv- Channel 27

* විදේශයන්හි සිටින පිරිස් වෙනුවෙන් Lanka Tv සබදතාවයක් ලබා ගැනීමෙන්ද

*  ශ්‍රද්ධා YouTube Channel

වෙත පිවිසිය හැකි දොරටු වේ. ශ්‍රද්ධා රූපවාහිනිය මෙලෙස දෙස් විදෙස් ජනතාව වෙත විවෘත කිරීම තුළින් විද්්‍යුත් මාධ්‍ය යොදාගනිමින් විසිරී සිටින ජනතාව රූපවාහිනිය වෙතට සමීප කරවීමක් සිදු කරන වග දැකගත හැකිය. උපන්දින, සංවත්සර ආදී ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් පුණ්‍යවන්ත අයුරින් සමරන්නට, වයෝවෘද්ධ දෙමාපියන් වෙනුවෙන් සිදු කරනා උත්තම කෘතගුණ සැලකීමක් ලෙසත්, පරලොව ගිය දෙමාපිය නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කරණු පිණිසද, සමීප හිත මිතුරන්ට මහගු සදහම් ත්‍යාගයක් වශයෙන්ද, උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සකල ලෝකවාසීන් උදෙසා මෙත් සිතින් සිදු කරනා උත්තම වූ ධර්ම දානයක් වශයෙන්ද, රූපවාහිනී ධර්ම දේශනාවන් වල දායකත්වයද ලබා ගත හැකි බව පෙන්වා දෙනු ලබයි.  මේ ලෙසට දායකත්වය ලබා ගත හැකි වැඩසටහන් වනුයේ,

* දායකත්ව ධර්ම දේශනා

*  සිරිපා විහාර තේවාව

* දම්සිහනද 

* දෙනෙත

* හොද ළමයා

* පොහොය සජීවී විකාශය

* දම්සභා මණ්ඩපය

යනාදියයි. ශ්‍රද්ධා රූපවාහිනිය විසින් දායකත්ව අරමුදල් මෙන්ම ස්වකීය මුදල් යොදවා සමාජය වෙත දෑත් දිගු කළ අවස්ථාද දැකගත හැකිය.

- 2020.05.22 වැලිසර නාවික හමුදා කදවුරේ සිටින සෙබලුන් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීම.

-  2019.12.01 අභය දානමය පුණ්‍ය කර්මය

- 2019.11.24 සා. පෙළ සිසුන් සදහා ශ්‍රද්ධා තක්සලාව

- බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කරන පිරිසිදු පානීය ජලය ලබා දීම

- රුධිර දාන කදවුරු

- ගිලාන දාන පුණ්‍ය ව්‍යාපෘතිය

- අසරණ සරණ පුණ්‍ය ව්‍යාපෘතිය

යනාදිය ඉන් කිහිපයකි. 

          2. බෞද්ධයා රූපවාහිනිය

බෞද්ධයා රූපවාහිනි නිර්මාතෘවර පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ විසින් 2007 ජූනි 29 වන දින ආරම්භ කළහ. මෙය ලංකාවේ ප්‍රථම බෞද්ධාගමික නාළිකාවයි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයනේම විකාශනය කටයුතු සිදු වේ. ඩයලොග් ටීවී චැනල් 68 න් නැරඹිය හැකිය. මෙහි අන්තර්ගත වන වැඩසටහන් ලෙස,

* ධම්මානු පස්සනා ධර්ම සාකච්ඡාව

* සද්ධර්ම සාගරය

* විභජ්ජවාද

* සුපසන් ජීවිතය

* සුසංදේශ

* සසරින් එතෙරට

* මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය

* දසත සදහම් පුවත්

* දමසක් පැවතුම් පිරිත් දේශනාව

යනාදිය ඉන් කිහිපයකි.

        3.රංගිරි ශ්‍රී ලංකා

ඉනාමළුවේ ශ්‍රීසුමංගල මහා නායක හිමි විසින් 2012 මැයි 04 දින රංගිරි ශ්‍රී ලංකා රුපවාහිනී නාළිකාව ආරම්භ කළහ. සුභාවිත මාධ්‍යක අභිලාෂය මානව වර්ගයාගේ ජීවන රටාව, සමාජ ක්‍රියාවලිය වඩාත් අර්ථවත් කිරීම උදෙසා පාදක විය යුතු බවත්, ඒ අනුව ජනසන්නිවේදනය සේවාවක්ම විය යුතු බවත්,හුදු වාණිජ පරමාර්ථ පෙරට ගෙන ජනසන්නිවේදනයක් සපල කර ගැනීම අවශ්‍යයෙන්ම සාර්ථක කටයුත්තක් විය නොහැකි බවත් රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාළිකාවේ නිර්මාතෘවර ස්වාම්න් වහන්සේ පෙන්වා දෙන ලදහ. මෙහි ආගමික වැඩසටහන් වලට අමතරව සංස්කෘතික, දේශපාලනික, කෘෂිකාර්මික, කාලීන, ළමා, නාට්‍ය හා වාර්තා වැඩසටහන් සදහාද අවකාශය සලසා දී තිබේ.UHF 60-783, Peo TV 22 ඔස්සේත් නැරඹීමට පුළුවන. 

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය සෑම විටම කටයුතු කරන්නේ සම්ප්‍රදාය ගරු කොට ගනිමින් නව්‍යත්වය ශික්ෂණයෙන් යුතුව භාවිතයට ගනිමින් බව ඔවුන්ගේ වැඩසටහන් වලින් තහවුරු වේ.  තවද ඔවුන් 2020 මැයි මස කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස දඹුල්ල රෝහලට වාට්ටුවක් නිර්මාණය කර දීම සමාජ සත්කාරයක් ලෙස පෙන්වා දිය හැකිය‍.

   4. සියැස රූපවාහිනිය

2014 ජනවාරි 28 දින අළුත් බවකින් යුතුව සියැස රූපවාහිනිය ආරම්භ කරනු ලැබීය. සත්‍ය, සාධාරණත්වය, සංහිදියාව, ප්‍රඥාව හා ආනන්දය කැටි කොටගත් නාළිකාවක් ලෙස පෙන්වා දිය හැකිය. Peo TV – 95 හරහා නැරඹිය හැකි වේ. මෙහි වර්තමාන සභාපති වනුයේ පී. කේ. යූ. අදිකාරම් මහතායි. මෙහි විකාශය වන වැඩසටහන් කිහිපයක් ලෙස,

* සංහිදියා පලස

* කෘතියක වත

* සායන

* දැයට පිපෙන මල්

* ඇදුරු සිතක මහිම

* කැකුළු කොදව්ව

යනාදිය ඉන් කිහිපයකි. 

මීට අමතරව දේශපාලන, ආර්ථික හා අධ්‍යාපනික අංශයන්ට සමානව ආගමික අංශයටත් ඉඩකඩ වෙන් කරන්නා වූ රූපවාහිනී නාළිකා අතුරින්,

* දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ සාර සිත්, විශ්ව දහම, සිදූ නාට්‍ය, පෝය ටෙලි නාට්‍ය, නොපෙනෙන මානව වැනි වැඩසටහන්

* සිරස නාළිකාවේ සිරසා නමාමි, පිරිත්, සදහම් කවිය වැනි වැඩසටහන්
යනාදිය දැක්විය හැකිය. විශේෂයෙන්ම මෙම වැඩසටහන් පාන්දර යාමේ, සවස් කාලයේ, පෝය දින මෙන්ම නිවාඩ දිනවලදී පමණක් වැඩි වශයෙන් විකාශනය වන ආකාරය දැකගත හැකිය.

මේ අනුව විමසා බලන කළ ධර්ම සන්නිවේදනය වානිජ්‍යකරණයට ලක්ව නොමැති බවට හේතු ලෙස,

1. දේශීය මෙන්ම විදේශීය රටවලද ධර්මය ප්‍රචාරණය සිදු කිරීම

* භාෂා ත්‍රිත්වයෙන්ම විකාශනය වීම(ශ්‍රද්ධා නාළිකාව, සියැස නාළිකාව)

* විදේශයන්හි සිටින පිරිස් වෙත නාළිකාවට පිවිසීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබීම

* බියකරැය මේ සසර චිත්‍රපටය සැකසීමේදීත් එය ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේදීත් තායිලන්තයේ DMC, මෙරට බෞද්ධ නාළිකාව හා සම්බන්ධව කටයුත්‍ර කිරීම

* තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව වැනි බෞද්ධ රටවල් වල ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය ජනතාව වෙත ගෙන ඒම

 2. විවිධ වයස් කාණ්ඩවල පිරිස් වෙත ධර්ම දේශනා පැවැත්වීම

* කුඩා ළමුන්ට- පුංචි අපට බෝසත් කතා(ශ්‍රද්ධා නාළිකාව)

* වැඩිහිටි පිරිසට- සෝවාන් බව දැනගන්නේ කෙසේද යන වග, සබ්බාසව සූත්‍රය පළමු වන කොටස ඇසුරෙන්, 2019.08.02 (බෞද්ධයා නාළිකාව)

* දෙපිරිසටම නැරඹිය හැකි- මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය (බෞද්ධයා නාළිකාව), පෝය දින වැඩසටහන, ලොකු අයියා,2020.07.08 (දෙරණ  නාළිකාව), සිත නිවන කතා(ජාතික රූපවාහිනිය)

3. එදවස බුදුහිමි යොදාගත් දේශනා ක්‍රම මෙන්ම නවමු ආකාරයේ දේශනා ක්‍රම යොදා ගැනීම

 * කවි බණ වැඩසටහන් පැවැත්වීම (ශ්‍රද්ධා නාළිකාව)

* තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා භවය හටගන්නා බවත් යනාදීව සරළව දහම් කරැනු ඉදිරිපත් කිරීම, සියැස ටීවී, ආචාර්යය පූජනීය ක්‍රක්‍රල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ, 2020.06.30

* ශ්‍රවණයකළ ගාථාවන් නැවත නැවත ශුවණය තුලින් එය පාඩම් සිටින වග උපමානුසාරීව පෙන්වා දීම “ වහු පැටියෙක් පුංචි කාලෙ එකපාරක් හරි ඹසවා පැත්තකින් තියෙනවා. එමගින් ඌ ලොකු වස්සෙක් වෙනකොටත් ඌව උස්සන්න හැකියාව ඇතිවෙනවා “  , පූජ්‍ය දළුගම සමිත ඥාන හිමි, සදහම් සිතුවිලි වැඩසටහන, ITN නාළිකාව, 2020.07.05

4. සමාජ සේවාවන් ඉටු කිරීම
*
 රුධිර දාන කදවුරු

* ගිලාන දාන පුණ්‍ය ව්‍යාපෘතිය

* අසරණ සරණ පුණ්‍ය ව්‍යාපෘතිය  

*  මනුසත් දෙරණ යටතේ මුඛ ආවරණ බෙදා දීම (දෙරණ නාළිකාව)

* සහන යාත්‍රා දියත් කරමින් සුනාමි ව්‍යසනය අවස්ථාවේ සහනාදාර බෙදා දීම, ගම්මැද්ද වැඩටහන යටතේ නිවා සාදා දීම (සිරස නාළිකාව)                                   

 5.වසංගත,උපද්‍රව තත්ත්ව හමුවේ වුවද නිවසේ සිටම ආශිර්වාදයන් ලබා ගත හැකි වීම.

* මිහින්තලා විහාරාදිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ කොරෝනා වෛරස් බිය තුරන් කිරීම පිණිස තුන් සූත්‍රය සජ්ඣායනය කළහ. 2020.01.29 (සිරස නාළිකාව)

* පාස්කු ඉරැදිනට පසුව පැමිණි ඉරිදාවන්වල ගරැ අගරදගුරැ මැල්කම් කාදිනල් පියතුමා විසින් පැවැත් වූ දේව මෙහෙයන් සෑම නාළිකාවකම පාහේ සජීවීව ජනතාව වෙත ගෙන ඒම

6. සංවරය ඉගැන්වීම

* නිහතමානී බව සහ කීකරු බව පිළිබදව වැලිමඩ සද්ධ සීල ස්වාමීන් වහන්සේ කළ දේහනාව, අයං වස්සාන කාලො වැඩසටහන, ශ්‍රද්ධා නාළිකාව,2020.03.20

* ඔබේ කෙලෙස් දුරු කරගන්න සීලය උදව් කරගන්නේ කෙසේද, දායකත්ව ධර්ම දේශනාව වැඩසටහන, ශ්‍රද්ධා නාළිකාව,2018.08.24

7. ජනතාව වෙත විවිධ වටිනා අවස්ථා උදාකර දීම

* දඹදිව වන්දනා ( දෙරණ නාළිකාව)

8. ආගමික ටෙලි නාට්‍ය විකාශය

 * ශ්‍රමණ වේශධාරී නළුවකුගේ හැසිරීම,කතාබහ,ආචාර සමාචාර භික්ෂූණ් වහන්සේ නමකගේ ප්‍රතිරූපය විකෘති නොවන අයුරින් ඉදිරිපත් කිරීම (සිදූ, සල්මල් ආරාමය)

* ඓතිහාසික කතා පුවත් ඉදිරිපත් කිරීම(රාවණා,අධිරජ ධර්මාශෝක)

* පාට පාට නාට්‍ය වෙසක් දින නිමිති කොටගෙන (ජාකිත රූපවාහිනිය) 

9. ආගමික කරුණු ඇසුරෙන් කාටූන් හා චිත්‍ර කතා සැකසීම

* අපේ පැය (ජාතික රූපවාහිනිය)

* කුරුංගමිග ජාතකය (ශ්‍රද්ධා නාළිකාව) 

10. ආගමික කරැණු ඇසුරෙන් චිත්‍රපටි සැකසීම

11. යම් සිද්ධියක් පිළිබදව ගැඹුරින්,තීක්ෂණ ඇසුරින් තීරණ ගැනීමේ ශක්‍යතාව ඇති කිරීම.               * කොළඹ කෞත්‍රකාගාරයෙන් 2012 වර්සයේ වටිනා පුරා වස්තු සොරකම් කර තිබීම හා ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මතක් කර දීම, 2020.07.21, සිරස නාලිකාව

*  MCC  ගිවිසුමෙන් රටට වන හානිය භික්ෂුණ් වහන්සේලා පෙන්වා දෙන පුවත් ජනතාව වෙත ලබා දීම

* කුරුණෑගල  ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිද දැමීම පිළිබද ජනතාව දැනුවත් කිරීම

12. භාෂාව භාවිතයේදී සැලකිලිමත් වීම

13. ධර්ම සන්නිවේදනයේ අපේක්ෂිත අරමුණු පිලිබදව අවධානය යොමුව තිබීම.

14. දායකත්වය ලබා ගැනීමට යොමු කිරීම.

ධර්ම සන්නිවේදනයේ මුඛ්‍යතම අරමුණ වන අනාදිමත් කලක පටන් පුද්ගලයා මුහුණ දෙන දුක පිළිබද ගැටළුව හා එහි ස්වභාවය පැහැදිලි කොට එයින් මිදීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමයි. මෙම අරමුණ වර්තමානයේ  විද්්‍යුත් මාධ්‍ය භාවිතයෙන් සිදු වන බව සමස්ථයක් ගෙන බැලූ කළ දැකගත හැකි වේ. ඒ අනුව වර්තමාන ධර්ම සන්නිවේදනය වානිජ්‍යකරණයට ලක්ව නොමැති බව සනාථ වේ. 

සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 😊 




Comments

Popular posts from this blog

පෞරුෂය යනු

සමාජානුයෝජනය

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)