සුදු කරපටි අපරාධ


මුලිකවම අපරාධ වර්ග දෙකකි. එනම් අපරාධ හා සිවිල් වැරදි යනුවෙනි. මීට අමතරව පහත පරිදි අපරාධ වර්ගීකරණය කළ හැකිය.

1.පුද්ගල අපරාධ

2. දේපළ අපරාධ

3. ලිංගික අපරාධ 

4. ගොදුරු විරහිත අපරාධ 

5. සුදුකරපටි අපරාධ 

6. පරිගණක අපරාධ 

7. රාජ්‍ය අපරාධ 

යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ White Color Crimes යනුවෙන් හදුන්වනු ලබයි. මින් සුදුකරපටි අපරාධ යනු කුමක්දැයි යන්න මින් පැහැදිලි කරනු ලබයි.සුදුකරපටි අපරාධ පිීළිබද නිර්වචන විමසා බලමු.

** - E.H. සදර්ලන්ඩ්

"ඉහළ සමාජ ආර්ථික තත්ත්වයකින් යුතු පුද්ගලයින් ඔවුන්ගේ වෘත්තිමය කාර්යයන් වලදී නීති උල්ලංඝනය කිරීම"

**- Legal Dictionary -

"මූල්‍යමය වාසි සදහා වංචනිකව ක්‍රියාකාරකම් මගින් කරනු ලබන අපරාධ සුදුකරපටි අපරාධ වේ"

**- Dictionary.com -

"මූල්‍ය වංචාව, වංචාව,කාර්යයාලීය උපකරණ වංචාව ආදී වංචාවන් ව්‍යාපාරික හා වෘත්තීය පුද්ගලයන් විසින් කරනු ලබන අතර එවැනි වංචාවන් සුදුකරපටි අපරාධ වේ."

**- Merriam-Webster -

"සමාගම්වල ඉහළ වැදගත් තැන්වල සිටින පුද්ගලයන්, සමාගම් වල පවතින සබදතා පදනම් කරගෙන මුදල් සොරකම් කිරීම ආදී වංචනික ක්‍රියාදාමයන් වේ"

** - Cambridge Dictionary -

"යමෙක් කාර්යයාලීය කටයුතුවලදී හෝ ව්‍යාපාරයකදී නීතිවිරෝධී අයුරින් ඔවුන්ගේ සේවායෝජකයාගෙන් (ස්වාමියාගෙන්)හෝ ඔවුන්ගේ ව්‍යාපාර සමග ගනුදෙණු කරන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීම"

යනාදිය පෙන්වා දිය හැකිය.ඒ අනුව සුදුකරපටි අපරාධයක ලක්ෂණ ලෙස,

* සමාජයේ ඉහළ පංතියක් විසින් මෙම අපරාධ සිදු කිරීම.

* සමාජයෙන් සැගවී පවතින අපරාධ වේ.

* නීති විරෝධී වන අතර නීතියෙන්ද සැගවී පවතී.

* සමාගමක ප්‍රධානීන් විසින් මෙම අපරාධ සිදු කෙරේ.

* සමාගමක මූල්‍ය කොටස් උපකරණ ආදී ඉහළ කොටස් වටිනාකමින් යුතු සම්පත් මොවුන්ගේ වංචාවට හසු වේ.

මෙම ලක්ෂණ පවතින සුදුකරපටි අපරාධ ගණයෙහගි සැලකෙන අපරාධ වනුයේ,

*අල්ලස් ලබා දීම

*කොටස් වෙළදපොලට බලපෑම් කිරීම

*වෙළද ප්‍රචාරක හා වෙළද නියෝජිත කටයුතු වැරදි ලෙස ඉදිරිපත් කිරීම

*වැරදි ලෙස පෙන්වන මුදල් ශූන්‍යතාව

*භාරකාර අරමුදල් වැරදි ලෙස භාවිතය

යනාදියයි.මෙම සුදුකරපටි අපරාධ සිදුවන ක්‍රම  ලෙස,

1. සංස්ථාවල මූල්‍ය කටයුතු වැරදි ලෙස ඉදිරිපත් කිරීම

2. කොටස් වෙළදපොළට අපාචාරණ ලෙස බලපෑම් කිරීම හෝ වාරණය කිරීම

3. කොන්ත්‍රාත් සදහා රජයේ නිලධාරීන්ට අල්ලස් ලබා දීම

4. වාණිජමය ගනුදෙණුවලදී සිදුවන අල්ලස් ක්‍රියා

5. වෙළද ප්‍රචාරක කටයුතු සහ වෙළද නියෝජිත කටයුතු වැරදි ලෙස ඉදිරිපත් කිරීම 

6. රජයේ මුදල් වැරදි ලෙස භාවිතය

7. භාරකාර අරමුදල් වැරදි ලෙස භාවිත කිරීම

8. වැරදි ලෙස පෙන්වන ලබන මුදල් ශුන්‍යතාව හෝ බංකලොත් බව

යනාදියයි.

මෙම සුදුකරපටි අපරාධ සදහා ලබාදෙන දඩුවම් වනුයේ,

*තාවකාලිකව වැඩ අත්හිටුවීම

*අවවාද කිරීම

* දඩ ගෙවීමට නියම කිරීම

යනාදියයි. සදර්ලන්ඩ් විසින් සුදුකරපටි අපරාධ වල ඇති බරපතලකම පෙන්වා දෙයි. ඔහුට අනුව,"සාම්ප්‍රදායික වීදි අපරාධ වලට වඩා වැඩි හානියක් සුදුකරපටි අපරාධ හරහා සිදු වේ" යනුවෙන් දක්වයි. මෙම සුදුකරපටි අපරාධ කොතරම් විශාල අපරාධයක් වුවද ඒ සදහා දෙනු ලබන දඩුවම් ප්‍රමාණවත් නොවන බව වැටහෙනු ඇත. දුප්පත්කම හේතුවෙන් අසල නිවසක පොල් ගසකින් හොරෙන් පොල් කඩන පුද්ගලයෙකු පොලිස් අත්තඩංගුවට පත්වීමේ සිට ලැබෙන දඩුවම් ප්‍රමාණය සලකා බලන විට ඒ බව හොදින් වැටහෙනු ඇත. ඉහළ තනතුරු ලබා ගනිමින් යම්කිසි තත්ත්වයක් සමාජය තුල හදාගැනීමෙන් අනතුරුව සුදුකරපටි අපරාධ සිදු කිරීමට පෙළෙඹෙන බවද සදර්ලන්ඩ් පෙන්වා දී ඇත. මින් සුදුකරපටි අපරාධ  සිදු කරනුයේ ඉහළ තනතුරු වල සිටින එනම් ධනය, බලය සහිත පුද්ගලයන් බවත් එම නිසාවෙන් ඔවුන්ට මෙම අපරාධ සිදු කර ඉක්මනින් ඉන් ගැලවීමටත්, පලා යාමටත් හැකියාව ලැබෙන බව පැහැදිලි වේ. තවද ලෝකයේ වැඩිවශයෙන්ම සිදු වන අපරාධ වනුයේ සුදුකරපටි අපරාධයි. නිදසුන් ලෙස,

*  සක්විති රණසිංහ විසින් මුදල් ගෙන වංචා කිරීම.

* අර්ජුන ඇලෝසියස් මහ බැංකු වංචාවේදී දඩුවම් නොලැබීම.

* දඩුවම් මුදලාලි මුදල් වංචාව(මොහු සක්විති රණසිංහ සමග එක්ව වැඩ කර ඇත) 

* සෙලින්කෝ රක්ෂණාවරණය පිළිබද 

* වර්තමාන බැදුම්කර වංචාව 

යනාදිය ලංකාව ඇසුරින් දැක්විය හැකිය.

අමතර කියවීමට-

  • www.investopedia.com
  • www.fbi.gov
  • en.m.wikipedia
  • criminal.findlaw.com
  • mawubima.lk ,2019,June,10 
  • අපරාධ විද්‍යාව, නීතිඥ හරිස්චන්ද්‍ර
  • අපරාධ විද්‍යාවේ මූලධර්ම, නන්දසේන රතනපාල
  • අපරාධ විද්‍යාව, මහාචාර්ය දයා අමරසේකර

සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය😊

Comments

Popular posts from this blog

පෞරුෂය යනු

සමාජානුයෝජනය

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)