ගවේෂණාත්මක වාර්තාකරණය
සමාජයට අවැඩදායක කටයුතුවල නිරතවන්නන්ගේ ක්‍රියාකලාපය හෙළිදරව් කිරීම,සමාජ විරෝධී ක්‍රියා සිදු වීම වැළැක්වීම,සමාජයේත්,ජනතාවගේත් සම්පත් වංචාවට හා දූෂණයට ලක් වීම අවම කිරීම ගවේෂණාත්මක වාර්තාකරණය මගින් සිදු කරනු ලබයි.මෙවැනි වූ වාර්තාකරණයකට වාර්තාකරුට පුවත් උණක් තිබිය යුතුය.එසේම මුර බල්ලාගේ කාර්‍ය්ය කිරීමටත්,පක්ෂග්‍රාහී නොවී කටයුතු කිරීමටත් වග බලා ගත යුතු වේ.
"ගවේෂණාත්මක වාර්තාකරණය යනු සදාචාරාත්මක හෝ නෛතික සම්මතයන් කඩ කිරීම්,වසන් කිරීම සදහා හිතාමතාම සගවා ඇති තොරතුරු සොයා බලා අනාවරණය කිරීමකි "
සැන්ප්‍රැන්සිස්කෝ සරසවියේ පුවත්පත් කලාව පිළිබද මහාචාර්යවරයෙකු වන ලෙනාර්ඩ් සෙලර්ස් විසින් සපයා ඇති අර්ථ නිරූපණයකි. මෙම නිර්වචනය දයාසේන ගුණසිංහයන්ගේ, පුවත්පත් කලා සමීක්ෂා II, පිටුව 31 හි දැකගත හැකිය.
"විමර්ෂණාත්මක මාධ්‍යෙව්දියකු යනු කුමන හෝ මාධ්‍යක් උපයෝගී කරගෙන තම වෘත්තීය මට්ටමින් කළ යුතු, කරමින් සත්‍ය සොයා ගැනීම හා එහි පවතින දෝෂයන් හදුනාගෙන ඒවා වාර්තාකරණය කරන කිසියම් මිනිසෙකු හෝ ගැහැණියක වන බවයි"
ඩී. බර්ග් විසින් මෙලෙස නිර්වචනයක් ඉදිරිපත් කර ඇත.
දයාසේන ගුණසිංහයන් පවසන පරිදි ගවේෂණාත්මක පුවත්පත් කලාවේ පුරෝගාමී වූයේ 20 වන සියවසේ මුල්කාලයේ ඇමරිකානු පුවත්පත් කලාවේදීන් තිදෙනෙකු වූ,
* ලින්කෝල්න් ස්ටෙෆ්නස්
* ඉඩා එම් ටර්බෙල්
* රේ ස්ටෝලර්ඩ් බාකර්
විසින් "මැක්ලූර්ස් මැගසින්" යන සගරාවට ලියන ලද,
- History of the Standard Oil Company
- Shame of the Cities
මගින් "එළිදරව් සාහිත්‍ය" යනුවෙන් නව වාර්තාකරණයකට මුල පුරා ඇත.
1906 ඩේවිඩ් ග්‍රැහැම් පිලිප් "Treason of the Senate" නම් මාතෘකාව යටතේ ලියූ ලිපි පෙල නිසා දැඩි කෝපයට පත් ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ තියඩෝර් රුස්වෙල් ගවේෂණාත්මක වාර්තාකරුවන්ව හැදින්වූයේ "කුණු අවුස්සන්" හෙවත් "Muck Rakers" නමිනි.
ගවේෂණාත්මක වාර්තාකරණයට නිදසුන් ලෙස,
දේශීය
* සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඝාතනයට ලක්වීම ගැන (අසාර්ථක ගවේෂණාත්මක වාර්තාකරණයකි)
* ඉක්බාල් අතාස් මහතා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිම්බාවේ රාජ්‍යයට අයත් මෝටර් බෝම්බ නැවක් LTTE වෙතට පත්වීම ගැන කරුණු ඉදිරිපත් කිරීම
* සිරස මාධ්‍ය ජාලය විසින් කළුබෝවිල මහ රෝහලේ මාතෘ වාට්ටුවේ අලුත උපන් කුඩා දරුවන් සොරකම් කිරීමේ ජාවාරම ගැන
විදේශීය
* චාන්සලර් විලී බ්‍රාන්ට් ගැන ලියූ ලිපිය
* වෝටර්ග්‍රේඩ් සිදුවීම
* ඉන්දියාවේ භෝපාල් සිද්ධිය
* පැනමා ලිපි ගොනුව
යනාදිය පෙන්වා දිය හැකිය.
සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊
Comments
Post a Comment