ජනමාධ්‍ය විකාශනය යනු මානව ඉන්ද්‍රීය පද්ධතියේ දිගුවීමකි.
මානව විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ක්‍රෝ මැග්නන් මිනිසා හෙවත් නූතන මානවයා වන හෝමෝ සේපියන් මානවයා බැලූ බැල්මට වෙනස් නොවුනද සැලකිල්ලෙන් බැලුවහොත් මේ දෙදෙනා අතර වෙනස්කම් දැකගත හැකිය. අපේ ආදී මානවයා තම අදහස් මෙන්ම සිහි කටයුතු දේ මතක තබා ගැනීමට අක්ෂර විද්‍යාව ඇරඹීමට පෙර චිත්‍ර, රේඛා, සංකේත හා සංඥා වැනි ප්‍රකාශන විධි යොදාගෙන ඇත.නිදසුන් ලෙස,
- ගිනි මැලයක් පත්තු කිරීම
- හූ හඩ තැබීම
- ගල්ගුහාවල හා රූප්පාවල චිත්‍ර ඇදීම
යනාදිය පෙන්වා දිය හැකිය.
මුල්කාලීනව මානවයාගේ අදහස් ප්‍රකාශනය ප්‍රාථමිකය.එමෙන්ම සීමා සහිතය. උච්චාරණ ඉන්ද්‍රීය දෙස බලන විට කතා කිරීමේ හැකියාවක් නොතිබුණු බව පෙනේ. මොළය කුඩා වීම නිසා මතක ශක්තිය අඩු වී ඇත. පණිවුඩයක් තේරුම් ගැනීමටත්, ඊට අදාළ පිළිතුරක් ලබා දෙන්නටත් සැලකිය යුතු කාලයක් ගත වී තිබේ. නිදසුන් ලෙස, ක්‍රෝ මැග්නන් මානවයා භාෂාවක් භාවිතයට සමත් වීම(වසර35000-40000 ක් අතර කාලයක් වැය වී ඇත.), නියැන්ඩාල් මානවයා සංඥා සලකුණු භාවිතා කිරීම යනාදිය පෙන්වා දිය හැකිය.
අතීතයේ තම අදහස් සෙල්ලිපි,ටැම්ලිපි,ගිරි ලිපි හා පුවරු ලිපි ආදියෙහි කොටා දැක්වීම සිදු කර ඇත.නිදසුන් ලෙස,
- තෝනිගල සෙල්ලිපිය
- අශෝක පුවරු ලිපි
- ගල්පොතලෙන ශිලා ලේඛනය
- තම්මැන්නාගල ශිලා ලේඛනය
දැක්විය හැක. එමගින් පැහැදිලි වනුයේ එකල යම්කිසි අක්ෂර මාලාවක් භාවිතා කර ඇති බවයි. විශේෂයෙන්ම අතීත රජවරු කළ කී දෑ පිළිබදව මේවායෙහි සදහන් වේ.
ඈත අතීතයේ අක්ෂර ලියා තැබීම සදහා පැපිරස් පත්‍ර භාවිතා කර ඇත.ඉන්පසුව තල් පත් ආධාරයෙන්ද අක්ෂර ලියා තැබීම කර ඇත. චීන ජාතික සායි ලූං කඩදාසි සොයා ගැනීමත් සමග ඒ වන විට මානවයා එක් පොදු අක්ෂර ක්‍රමයට හුරු වී පැවතුණි. ඒ හා සමගම කතා කිරීමේ, සිතීමේ මෙන්ම ලේඛනයේ යෙදීමට හැකියාවක් දැක්වීම දැකගත හැකි විය. ඒ අනුව,
- පරවියන් ආධාරයෙන් පණිවිඩ හුවමාරුව
- වර්ණ පිළිබද දැකීමත් සමග සාමය ප්‍රකාශ කිරීමට සුදු කොඩි භාවිතය හා සුදු පරවියා යොදා ගැනීම
- ලේ වැගිරීම් ආදිය දැක්වීමට රතු පාට භාවිතය
යනාදී සන්නිවේදන ක්‍රමයන් ඇති විය.
සිතීමේ, තීරණ ගැනීමේ මෙන්ම සාක්ෂරතාවයේ ඇති වූ දියුණුවත් සමග මිනිසා දැනුමෙන් පෝෂණය වන්නට සිදු විය. ඒ නිසාවෙන්ම තම පංච ඉන්ද්‍රියන් වන ඇස, කන, නාසය, දිව හා ශරීරය යන අංග පහ පිනවීම උදෙසා තම බුද්ධිය මෙහෙයවීම දක්නට ලැබුණි. එහිදී විශේෂයෙන්ම කාර්මීකරණය හමුවේත්, මිනිසාගේ බුද්ධිමය බලමහිමය හමුවේත් විවිධ උපකරණ බිහිවන්නට විය.
- මුද්‍රණ යන්ත්‍රය
- ගුවන්විදුලිය
- රූපවාහිනිය
- දුරකතනය
- පරිගණකය
ඉන්පසුව මිනිසාගේ ශ්‍රව්‍ය ඉන්ද්‍රීය පද්ධතිය මූලික කරගෙන ගුවන්විදුලිය නිර්මාණය කරනු ලැබීය. යම්කිසි පණිවිඩයක් විශාල ග්‍රාහක පිරිසකට ඇසීමට සැලැස්වීමට මින් හැකියාව ලැබුණි. විශේෂයෙන්ම ක්‍රීඩා තොරතුරු එනම් සජීවී තොරතුරු ඇසීමට මිනිසුන් කැමති විය. මුල් කාලීනව බැටරි යොදා ගනිමින් ද ඉන්පසු Charj කිරීමටත් හැකි වන පරිදි නිර්මාණය විය. මෙහි ගමන්මග ගතහොත්,
- 1917 පළමු ලෝක යුද්ධය සදහා යොදා ගැනීම
- 1919 න් පසු ආගමික, ක්‍රීඩා විස්තර ප්‍රචාරණයට යොදා ගැනීම
- 1922 නිව්යෝර්ක් නුවර කේන්ද්‍ර කර ගනිමින් WGY නාළිකාවේ ගුවන්විදුලි නාට්‍යක් ප්‍රචාරය කිරීම
ආදී වශයෙනුත් වර්තමානය වන විට ජංගම දුරකථනයෙන් පවා ගුවන්විදුලිය ඇසීමට හැකි වන ආකාරයට තාක්ෂණය පවා දියුණු වී ඇත්තේ මිනිසාගේ බුද්ධිමත්භාවය හේතුවෙනි. ගුවන්විදුලිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ගුග්ලිමෝ එල් මාර්කෝනි මහතාටය.
ක්‍රමයෙන් ජනතාවට ඇසීමට පමණක් නොව රූප රාමු දැකීමටද අවශ්‍යතාවය ඇති විය.ඒ අනුව රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් ලෙස ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා විසින් නිර්මාණය කරන ලදී. මෙහිදී ශබ්දය පමණක් නොව රූපරාමු ද දැකගත හැකි විය. මුල් කාලීනව කළු-සුදු රූප රාමු පමණක් අන්තර්ගත වුවද පසුකාලීනව විචිත්‍රවත් රූප රාමු දැකගත හැකි විය. විශේෂයෙන්ම ගීත සදහා visual නිර්මාණය, සජීවී පුවත් ඉදිරිපත් කිරීම්, සිදුවීම් සිදු වූ තැන් නිවසේ සිටම දැකගත හැකි වීම, විවිධ නාට්‍ය,ගීත, නර්තන වැඩසටහන් දැකගත හැකිවීම යනාදිය වර්තමානයේ දැකගත හැක.
මෙහි ක්‍රමික වර්ධනයත් සමගම මිනිසාගේ මානව ඉන්ද්‍රියන් දිගු වීමට තවත් ඕනෑ තරම් සාක්ෂි බිහි වී ඇත. ඒ අනුව,
~ Imo
~ Viber
~ Laptop
~ Photo copy machine
~ Smart Phone
~ Dublo machine
~ Internet
යනාදිය බිහි වී තිබේ. මෙමගින් කරනුයේ මිනිසාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, අධ්‍යාපනය සම්පාදනය, විනෝදාස්වාදය හා පෙළඹවීම යන කාරණා ඉටු කිරීමයි. අනාගතයේදී මීටත් වඩා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සිදුවනු ඇත. එමෙන්ම මිනිසාගේ සිතීමේ ශක්තිය දියුණු වීම,පංචේන්ද්‍රියන් පිනවීමට ඇති වන නොනිමි ආශාව මීට හේතු වෙනවා නොඅනුමානය.
සැකසුම- 😊ඩී. නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 😊
Comments
Post a Comment