පෞරුෂය යනු
පුද්ගලයකු තුළ පැවතිය යුතුම ලක්ෂණයක් වන මෙය නායකත්ව ගුණාංගයක් ලෙසද පෙන්වා දිය හැකිය. අප කුඩා කළ පටන් එනම් පවුල් ඒකකයේ පටන් පෞරුෂය පිළිබදව ඉගෙනගනුයේ මව, පියා හා සහෝදර සහෝදරියන්ගේ හැසිරීම් රටා, කතා විලාශය, ආකල්ප මෙන්ම මතවාදයන් දෙස බලමින් හා ඒවා අනුකරණය කරමිනි. මෙය අවිධිමත් ආකාරයට සිදු වුවද පාසලෙන්, උසස් අධ්‍යාපන ආයතනයන්ගේ විධිමත් අධ්‍යාපනය යටතේ වැඩි දියුණු කරගනු ලබයි. ඉංග්‍රීසි භාෂාවේදී පෞරුෂය "Personality" වශයෙන් හදුන්වන අතර එය ලතින් භාෂාවේ "Persona" යන වචනයෙන් සෑදී තිබේ. ග්‍රීක නාට්‍යකරුවන් සිය රංගන කාර්යයයේදී ඔවුන්ගේ මුහුණු වැසෙන සේ වෙස්මුහුණක් නැතහොත් තමාව අනුන්ට පෙනෙන ආකාරය යන්නයි. ඒ අනුව පෞරුෂය පිළිබද පුද්ගල පෙනුම හා බාහිර කරුණු ඇසුරෙන් ඉදිරිපත්ව ඇති පැරණිතම නිර්වචනය වන්නේ "තමන් අන් අයට පෙනෙන ආකාරය" යනුවෙනි. වැඩිදුරටත් පෞරුෂය යන්න කුමක්දැයි වග විවිධ විද්වතුන්ගේ නිර්වචන ඔස්සේ විමසා බලමු.
01."මනෝවිද්‍යා විමර්ශන",දයා එදිරිසිංහ,ඥානදාස පෙරේරා,පිටුව 91 ට අනුව,
"පුද්ගල අනන්‍යතාව තීරණය කරන්නා වූ ආවේණික ගතිලක්ෂණ හා සමස්ථ මනෝකායික රටාවන් එක්තැන් වූ සංවිධානාත්මක හැසිරීම් රටාව පෞරුෂය වේ"
02. "මනෝ විද්‍යාව", සුගත් කංකානම්ගේ ට අනුව,
"විද්‍යාමාන වන බාහිර චර්යාවන් අනුව අභ්‍යන්තරයෙහි ඇති ගුණාංග පිළිබදව කරනු ලබන අනුමානයකින් ගොඩනගා ගන්නා සංකල්පයකි"
03. "පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යාත්මක උපදේශන න්‍යායන්", දයා රෝහණ අතුකෝරාල ට අනුව,
"පුද්ගලයා තම වටපිටාවට හා තමාට මුහුණ දීමට මතුවන අවස්ථාවලට අනුහුරු වීමට, ඔරොත්තු දීමට බලපාන සිතුවිලි චර්හා හා භාවමය ප්‍රතිචාරවල සාපේක්ෂ ස්ථාවර බවක් දක්වන විශේෂිත ගුණාංගවල එකතුව"
04. සිරී ලියනගේ නිරුක්ති සහිත ශබ්දකෝෂය ට අනුව,
"පෞරුෂය පිරිමිකම, පුරුෂ වීර්යය යම් කෙනෙකු තුළ ඇති ඔහුටම ආවේණික ගති ලක්ෂණ, පෞද්ගලිකත්වය ආදිය වේ"
05. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ට අනුව,
"කිසියම් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයින්ගෙන් වෙන්කොට දක්වන පුද්ගලයෙකුගේ චරිතයෙහි විවිධ අංශ වේ"
06. "පෞරුෂය පිළිබද මනෝවිද්‍යාව", ජී ඩබ්ලිව් ඕල්පොට්
"පුද්ගල අභ්‍යන්තරය තුළ ගතික ලෙස සංවිධානය වී තිබෙන මනෝ භෞතික පද්ධති මගින් පුද්ගලයා පරිසරයට අද්විතීය ලෙස සකස් කර තිබෙන මෙම සැකැස්ම තීරණය කරන ගතික සංවිධානය පෞරුෂය වේ"
07. කැටෙල් (1950) ට අනුව,
"පෞරුෂය පුද්ගලයාගේ සමස්ථ චර්යාව හා බැදේ"
08. හොල් සහ ලින්ඩ්සි (1970) ට අනුව,
"මිනිස් ජීවිතයේ ලක්ෂණය වන නැවත නැවතත් සිදුවන අන්තර්පුද්ගල අවස්ථාවන්ගේ සාපේක්ෂ ලෙසින් චිරස්ථායි රටාව පෞරුෂය වේ"
09. අයිසෙන්ක් (1966)
"ආරය සහ පරිසරය මගින් නිර්ණය කරනු ලබන පරිදි ජීවියාගේ නියම හෝ විභ්ය චර්යා රටාවන්ගේ සමස්ථ එකතුව පෞරුෂය වේ "
10. නෙල්සන් මිලර් (1995), සකර්මන් (1996) ට අනුව,
"යම් පුද්ගලයෙකුට සුවිශේෂී වූ සාපේක්ෂ වශයෙන් ස්ථාවර වූ චර්යා, සිතුවිලි හා චිත්තවේග රටාවන්"
11. ෆරියිඩ්මෑන් සහ ස්චට්සක් (1999) ට අනුව,
"අන්‍යන්ගෙන් වෙන් වූ අය ලෙස මිනිසුන්ට ඔවුන් සතු සුවිශේෂී බව ලබාදෙන ශක්තීන් "
12. හොනි ට අනුව,
"හුදු ජීව විද්‍යාත්මක නිමැයුමක් නොව එය හැඩගැස්වීමෙහිලා සමාජීය අත්දැකීම් හා සංස්කෘතිය යන භූමිකාවන් උසුලන්නා වූවකි"
13. මෝටර් ප්‍රින්ස් (1921) ට අනුව,
"ජීව විද්‍යාත්මක අංශ සමූහයක් වන සහජ ගති සංවිධානයක්,ආවේග,හැකියා,අභිරුචි සහ පුද්ගලික ආශාවන් හා ලබාගත් හැකියා ගත් සංස්ථාපනය පෞරුෂය වේ"
14. සීමෙන්ඩිස් (1928) ට අනුව,
"පුද්ගලයාට සුවිශේෂී වූ එම පරිසරයට අනුව ඔහුගේ චර්යාව නියත කරවන පුද්ගලයා තුළ ඇති මනෝගතික පද්ධතීන්ගෙන් සමන්විත ගතික සංවිධානය වේ"
15. ඩේවිඩ් මැක්ලේලන්ඩ් ට අනුව,
"පෞරුෂය යනු යම්කිසි පුද්ගලයෙකුගේ චර්යාව පිලිබද සියලු විස්තර විභාග සැපයීමට තරම් අතිශය ප්‍රමාණවත් සංකල්පීකරණයයි "
16. ජී. පී. ගුලිෆෝර්ඩ් ට අනුව,
"පෞරුෂය යනු පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ වල අනන්‍ය රටාවයි"
17. වෝල්ටර් මිචෙල් ට අනුව,
"එක් එක් පුද්ගලයාගේ විශේෂ චර්යා රටාවන් චිරස්ථායිව විදහා දක්වන ආකාරය පෞරුෂයයි"
යනාදී නිර්වචන පෙන්වා දිය හැකිය.
මීට අමතරව පෞරුෂය පිළිබද වර්ගීකරණයක්ද දැකගත හැකිය. මියර්ස් බ්‍රිග්ස් වර්ග දර්ශකය (BMT දර්ශකය ) යටතේ ඉසබෙල් මියර්ස් වර්ග දර්ශකයේ මූලික වශයෙන් පෞරුෂය වර්ගීකරණය කර ඇත්තේ,
* බහිර්වර්තී - අන්තර්වර්තී
* සංවේදී - ප්රතිහාන
* කල්පනාකාරී - හැගීම්බර
* විනිශ්චයීය - සංජානනීය
වශයෙනි.
වර්තමානයේ පුද්ගලයන්ගේ පෞරුෂයන් ඇගයීමකට ලක් කරන බව දැකගත හැකිය. එහිදී භාවිතා වන්නා වූ, මනෝ විද්‍යාඥයන් විසින්ද පිළිගෙන ඇති පෞරුෂ පරීක්ෂණයන් ලෙස,
- සම්මුඛ සාකච්ඡා ක්‍රමය - වර්තමානයේ ප්‍රධාන වශයෙන් හා වැඩි වශයෙන් භාවිතා වන ක්‍රමය වන අතර පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ගෙන් වාචික ප්‍රශ්න ඇසීම මුහුණට මුහුණලා සිට සිදු කළ හැකිය. මේ සදහා පරීක්ෂකවරයාට සුදුසු යැයි හැගෙන ස්ථානයක් වුවද තෝරාගත හැකිය. මෙමගින් පරීක්ෂණයට භාජනය වන තැනැත්තාගේ හැගීම්, ආකල්ප, හැසිරීම යනාදිය පවා පරීක්ෂණයට ලක් කළ හැකි වේ.
- ස්වයං වාර්තාමය ඇගයීම - පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයා විසින් සකස් කරගනු ලබන ජීව දත්ත සටහන (Bio data) මේ සදහා නිදසුන් වේ. සත්‍ය තොරතුරු ඇතුලත් කළ යුතු අතර තමන්ගේ සෑම අංශයකම හැකියා හා දක්ෂතා මේ සදහා ඇතුලත් කළ හැකිය.
- ප්‍රශ්න මාලා ක්‍රමය - පරීක්ධකවරයා විසින් විෂය දැනුම මෙන්ම සාමාන්‍ය දැනුම භාවිතයෙන් අසන ලද ප්‍රශ්න සදහා පිලිතුරු සැපයීම මෙහිදී සිදු වේ.
- ප්රක්ෂේපන පෞරුෂ පරීක්ෂණය - යම් පුද්ගලයෙක්ට යම්කිසි චිත්‍රයක් හෝ රූප සටහනක් පෙන්වා ඒ පිළීබදව අදහස් විමසීම මෙහිදී සිදු වේ.
- ආවස්ථායික පෞරුෂ පරීක්ෂණය - ඒ අවස්ථාවට ගැලපෙන ලෙස යම් ක්‍රියාකාරකමක් ලබා දීම මෙහිදී සිදු වේ.
සැකසුම - 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය😊
Correct pronunciation of mbti is මයර්ස් බ්‍රිග්ස්..
ReplyDeleteThank you.
Delete