Posts

Showing posts from November, 2020

පෞරුෂය යනු

Image
  පුද්ගලයකු තුළ පැවතිය යුතුම ලක්ෂණයක් වන මෙය නායකත්ව ගුණාංගයක් ලෙසද පෙන්වා දිය හැකිය. අප කුඩා කළ පටන් එනම් පවුල් ඒකකයේ පටන් පෞරුෂය පිළිබදව ඉගෙනගනුයේ මව, පියා හා සහෝදර සහෝදරියන්ගේ හැසිරීම් රටා, කතා විලාශය, ආකල්ප මෙන්ම මතවාදයන් දෙස බලමින් හා ඒවා අනුකරණය කරමිනි. මෙය අවිධිමත් ආකාරයට සිදු වුවද පාසලෙන්, උසස් අධ්‍යාපන ආයතනයන්ගේ විධිමත් අධ්‍යාපනය යටතේ වැඩි දියුණු කරගනු ලබයි. ඉංග්‍රීසි භාෂාවේදී පෞරුෂය "Personality" වශයෙන් හදුන්වන අතර එය ලතින් භාෂාවේ "Persona" යන වචනයෙන් සෑදී තිබේ. ග්‍රීක නාට්‍යකරුවන් සිය රංගන කාර්යයයේදී ඔවුන්ගේ මුහුණු වැසෙන සේ වෙස්මුහුණක් නැතහොත් තමාව අනුන්ට පෙනෙන ආකාරය යන්නයි. ඒ අනුව පෞරුෂය පිළිබද පුද්ගල පෙනුම හා බාහිර කරුණු ඇසුරෙන් ඉදිරිපත්ව ඇති පැරණිතම නිර්වචනය වන්නේ "තමන් අන් අයට පෙනෙන ආකාරය" යනුවෙනි.   වැඩිදුරටත් පෞරුෂය යන්න කුමක්දැයි වග විවිධ විද්වතුන්ගේ නිර්වචන ඔස්සේ විමසා බලමු. 01. " මනෝවිද්‍යා විමර්ශන " ,දයා එදිරිසිංහ,ඥානදාස පෙරේරා,පිටුව 91  ට අනුව, "පුද්ගල අනන්‍යතාව තීරණය කරන්නා වූ ආවේණික ගතිලක්ෂණ හා සමස්ථ මනෝකායික රටාවන් ...

සුදු කරපටි අපරාධ

Image
මුලිකවම අපරාධ වර්ග දෙකකි. එනම් අපරාධ හා සිවිල් වැරදි යනුවෙනි. මීට අමතරව පහත පරිදි අපරාධ වර්ගීකරණය කළ හැකිය. 1.පුද්ගල අපරාධ 2. දේපළ අපරාධ 3. ලිංගික අපරාධ  4. ගොදුරු විරහිත අපරාධ  5. සුදුකරපටි අපරාධ  6. පරිගණක අපරාධ  7. රාජ්‍ය අපරාධ  යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ White Color Crimes යනුවෙන් හදුන්වනු ලබයි. මින් සුදුකරපටි අපරාධ යනු කුමක්දැයි යන්න මින් පැහැදිලි කරනු ලබයි.සුදුකරපටි අපරාධ පිීළිබද නිර්වචන විමසා බලමු. ** - E.H. සදර්ලන්ඩ් -  "ඉහළ සමාජ ආර්ථික තත්ත්වයකින් යුතු පුද්ගලයින් ඔවුන්ගේ වෘත්තිමය කාර්යයන් වලදී නීති උල්ලංඝනය කිරීම" **- Legal Dictionary - "මූල්‍යමය වාසි සදහා වංචනිකව ක්‍රියාකාරකම් මගින් කරනු ලබන අපරාධ සුදුකරපටි අපරාධ වේ" **- Dictionary.com - "මූල්‍ය වංචාව, වංචාව,කාර්යයාලීය උපකරණ වංචාව ආදී වංචාවන් ව්‍යාපාරික හා වෘත්තීය පුද්ගලයන් විසින් කරනු ලබන අතර එවැනි වංචාවන් සුදුකරපටි අපරාධ වේ." **- Merriam-Webster - "සමාගම්වල ඉහළ වැදගත් තැන්වල සිටින පුද්ගලයන්, සමාගම් වල පවතින සබදතා පදනම් කරගෙන මුදල් සොරකම් කිරීම ආදී වංචනික ක්‍රියාදාමයන් වේ" ** - Cam...

සමාජානුයෝජනය

Image
සමාජානුයෝජනය ඉංග්‍රීසි භාෂාවේ "Socialization" යනුවෙන් හදුන්වයි. මෙහි සරළ අර්ථය නම්  " සමාජයට අනුගත වීමයි " දරුවන් ක්‍රම ක්‍රමයෙන් වැඩෙන කල්හි සමාජයටද හුරු පුරුදු විය යුතු වේ. සමාජයට අනුගත වෙමින් සමාජය තුළ ජීවත්වන ආකාරය, ගනුදෙණු කරන ආකාරය යනාදී සමාජයට මෙන්ම සංස්කෘතියට හුරු පුරුදු විය යුතු වේ.මෙම සමාජයට, සංස්කෘතියට හුරු පුරුදු කිරීමේ ක්‍රියාවලිය සමාජාන්යෝජනය ලෙස පෙන්වා දිය හැකිය. මේ පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. ඒ ඔස්සේ විමසා බලමු.                                                    01. බොගර්ඩස් ට අනුව ,                                                                                                    ...

සංවර්ධන සන්නිවේදනය

සංවර්ධන සන්නිවේදනය පිළිබද මූලික අදහසක් ලබා ගැනීමට නම් පළමුව ‘‘සංවර්ධනය‘‘ යන්න පිළිබද අවබෝධ කරගෙන සිටීම වැදගත් වේ. ඊට හේතුව සංවර්ධන සන්නිවේදනය නැමැති සංකල්පය හා එම ප්‍රවණතාව සංවර්ධනය පිළිබද අදහසේ විකාශනයක් සමග ගොඩනැගුණක් බැවිනි. ඒ අනුව සංවර්ධනය යනු , 01 .සංවර්ධනය පිළිබද අතීත විග්‍රහය නම්, "සමෘද්ධිමත් වීම සංවර්ධනය වේ"  02 .   1960 දශකයේදී ඩබ්ලිව් ඩබ්ලිව් රොස්ටෝ ප්‍රකාශ කර ඇත්තේ, "ආර්ථික වර්ධනය ඇති කිරීම සංවර්ධනය වේ " මෙම ප්‍රකාශ දෙක කෙරෙහි බලන කළ සංවර්ධන ක්‍රියාවලිය ප්‍රාග්ධන සූක්ෂම එකක් බවට පත්ව ඇත.මෙම සංවර්ධන ප්‍රවේශය තුළ මතු වූ ගැටලු පදනම් කරගෙන සංවර්ධනය පිළිබද නව කතිකාවත් බිහි වී ඇත. 03 . 1982 වසරේදී මෙක්සිකෝ නගරයේ පැවති ජාත්‍යයන්තර සමුළුවකදී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, "සංවර්ධනය යනු ආර්ථීක වර්ධනය ඉක්මවා පැතිරෙන සංකීර්ණ, පුළුල් හා බහුමානීය ක්‍රියාවලියකි.මෙම ක්‍රියාවලිය ජන ජීවිතයට අදාළ සියලු අංගද ඔවුන්ගේ ශක්තියද ඇතුළත්ව සමස්ථ ජනතාවට එම ක්‍රියාවලියට දායක වී එතුළින් ලැබෙන වාසි සියල්ල භුක්ති විදී " 04 . ඩඩ්ලි සියර්ස්ට අනුව, "සංවර්ධනය යනු රට...

ගවේෂණාත්මක වාර්තාකරණය

සමාජයට අවැඩදායක කටයුතුවල නිරතවන්නන්ගේ ක්‍රියාකලාපය හෙළිදරව් කිරීම,සමාජ විරෝධී ක්‍රියා සිදු වීම වැළැක්වීම,සමාජයේත්,ජනතාවගේත් සම්පත් වංචාවට හා දූෂණයට ලක් වීම අවම කිරීම ගවේෂණාත්මක වාර්තාකරණය මගින් සිදු කරනු ලබයි.මෙවැනි වූ වාර්තාකරණයකට වාර්තාකරුට පුවත් උණක් තිබිය යුතුය.එසේම මුර බල්ලාගේ කාර්‍ය්ය කිරීමටත්,පක්ෂග්‍රාහී නොවී කටයුතු කිරීමටත් වග බලා ගත යුතු වේ. "ගවේෂණාත්මක වාර්තාකරණය යනු සදාචාරාත්මක හෝ නෛතික සම්මතයන් කඩ කිරීම්,වසන් කිරීම සදහා හිතාමතාම සගවා ඇති තොරතුරු සොයා බලා අනාවරණය කිරීමකි " සැන්ප්‍රැන්සිස්කෝ සරසවියේ පුවත්පත් කලාව පිළිබද මහාචාර්යවරයෙකු වන ලෙනාර්ඩ් සෙලර්ස් විසින් සපයා ඇති අර්ථ නිරූපණයකි. මෙම නිර්වචනය දයාසේන ගුණසිංහයන්ගේ, පුවත්පත් කලා සමීක්ෂා II, පිටුව 31 හි දැකගත හැකිය. "විමර්ෂණාත්මක මාධ්‍යෙව්දියකු යනු කුමන හෝ මාධ්‍යක් උපයෝගී කරගෙන තම වෘත්තීය මට්ටමින් කළ යුතු, කරමින් සත්‍ය සොයා ගැනීම හා එහි පවතින දෝෂයන් හදුනාගෙන ඒවා වාර්තාකරණය කරන කිසියම් මිනිසෙකු හෝ ගැහැණියක වන බවයි " ඩී. බර්ග් විසින් මෙලෙස නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. දයාසේන ගුණසිංහයන් පවසන පරිදි ගවේෂණාත්මක...

ස්වාධිපත්‍ය සංකල්පය

 16 වන සියවසේ පාප් අධිරාජ්‍ය බිද වැටෙමින් යුරෝපය පුරා ආරම්භ වන ජාතික රාජ්‍ය ක්‍රමය තහවුරු කිරීම සදහා අවශ්‍ය වූ දේශපාලන පදනම මූලික දේශපාලන සංකල්ප දෙකක් මගින් සපයනු ලැබීය.                     1. සමාජ සම්මුතිවාදය                     2. ස්වාධිපත්‍යවාදය වශයෙනි. ජාතික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය පිළිබදව තර්කානුකූලව හා සංවිධානාත්මක භෞතික පදනමක් සමාජ සම්මුතිවාදය තුළින්ද, ජාතික රාජ්‍ය සතු බල අධිකාරයේ ස්වාභාවය සහ එය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබද දේශපාලන විග්‍රහයක් ස්වාධිපත්‍යවාදය මගින් ඉදිරිපත් කරනු ලැබීය. ස්වාධිපත්‍යවාදය බාහිර ස්වාධිපත්‍ය හා අභ්‍යන්තර ස්වාධිපත්‍ය වශයෙන් දෙයාකාරව දැකගත හැකිය.  **නිකලෝ මැකියාවෙල්ලි විසින් රාජ්‍ය බලය පිළිබද ඔහුගේ "The Prince" හෙවත් කුමාරයා ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත්තේ මෙහි ප්‍රායෝගික පැතිකඩයි. න්‍යායාත්මක වශයෙන් ප්‍රංශ ජාතික ජින් බොඩෑන් (1576) විසින් රචිත "Six books concerning the state " හෙවත් "රාජ්‍ය පිළිබද ග්‍රන්ථ හයක්" කෘතියෙන් ස්වාධිපත්‍...