ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)
යම්කිසි තොරතුරක්, සිදුවීමක්,අවස්ථාවක් හෝ පුද්ගලයෙක් පිළිබද තාක්ෂණික උපකරණ භාවිතයෙන් මුළු මහත් ලෝකවාසී සියලුදෙනාටම දැනගත හැකි ආකාරයට හුවමාරු කර ගැනීමට, බෙදා හදා ගැනීමට වර්තමානය තුළ පහසුකම් නිර්මාණය වී ඇත. තොරතුරු දැනගැනීමේ නොනිමි ආසාවෙන් පෙළෙන්නා වූ සියලු පිරිස් වෙත නැවුම්, කාලීන්,සත්‍ය යන අංගයන්ගෙන් සමන්විත වන පුවත් විවිධ මාධ්‍ය ඔස්සේ, එනම් ජනමාධ්‍ය ඔස්සේ ලබාගත හැකිය. ඉංග්‍රීසි භාෂාවේ Media යනුවෙන් මාධ්‍ය හදුන්වන අතර, ජනමාධ්‍ය යන්න Mass Media යනුවෙන් හදුන්වයි.ජන මාධ්‍ය යනු කුමක්දැයි විවිධ නිර්වචන ඔස්සේ විමසා බලමු.
1. "සන්නිවේදකයා ඉදිරියේ නොමැති, එහෙත් විශාල ජනකායක් සමග යෙදීම ජන සන්නිවේදනය වන අතර එන ජන සන්නිවේදනය සදහා යොදා ගන්නා මාධ්‍ය ජනමාධ්‍ය නමින් හැදින් වේ."
- www.ethaksalawa.com,PDF, සන්නිවේදන වර්ගීකරණය, පිටුව 17-
මෙම නිර්වචනයට අනුව පොදු ජන කණ්ඩායමක් උදෙසා පණිවිඩ, තොරතුරු බෙදාහරින බවත්, ඒ සදහා යොදාගන්නේ මාධ්‍යක් ලෙස ජනමාධ්‍ය බවත් පෙන්වා දෙයි.එනම් රූපවාහිනිය, ගුවන්විදුලිය යනාදිය මගින් තොරතුරු බෙදා හරින බවයි.
2. "යම් සිදුවීමක් අළලා යථාර්ථය නැවත ප්‍රතිබන්ධගත කරමින් විවිධ දෘෂ්ටිවාදයන්මෙහෙයවන ආයතන ගොන්නකි"
- 3mana.com, June 5, 2017 -
මෙයට අනුවන් විවිධ සිදුවීම් මේ ඔස්සේ සොයා බලන බවත් එහි යථාර්ථය පිළිබඳව ද සොයා බලමින් එම තොරතුරු සිදුවීම් පිළිබඳව විවිධ කෝණ ඔස්සේ බලමින් කරන ක්‍රියාවලියක් පවතින බවත් මෙවැනි ක්‍රියා මෙහෙයවන ආයතන ගොන්නක් ලෙසත් පෙන්වා දෙයි.
3. " විශාල පිරිසකට ළගා වන සහ බලපෑම් කරන්නා වූ මාධ්‍ය වේ."
- yourdictionary.com -
මෙහිදී තනි පුද්ගලයකුට නොව විශාල පිරිසකට එකවර තොරතුරු බෙදා හරින බවත්, එම පණිවිඩ තුළින් බලපෑම් කළ හැකි බවත් පෙන්වා දෙයි.
ජනමාධ්‍යන්හි බලපෑම යනුවෙන් අදහස් කරන්නේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, සගරා, දුරකථනය, අන්තර්ජාලය වැනි මාධ්‍ය මගින් ජනතාව වෙතට කරනු ලබන බලපෑමයි. එනම් ග්‍රාහක පිරිස තම අරමුණු ඉටු කර ගැනීම පිණිස පොළොඹවා ගැනීමයි. මෙම පෙළඹවීම ලාභය පදනම් කර ගනිමින්ද, යම් භාණ්ඩයක් විකුණා ගැනීමටද, රටේ පවතින තත්ත්වයන් වෙනස් කිරීමටද ආදී වශයෙන් විවිධ අංශ, පැතිකඩයන් ඔස්සේ සිදු වේ.විශේෂයෙන්ම බලපෑමක් සන්නිවේදනය තුළ පැවතිය යුතු බව හැරල්ඩ් ඩී ලැස්වෙල් නම් විද්වතා මෙසේ පෙන්වා දෙයි.
"සන්නිවේදනය යනු කවුරු (Who), කුමක්(What), කුමකින්( In which channel), කාටද(To whom), කුමන බලපෑමක්(With what effect) අරමුණු කරගෙන යමක් සිදු කිරීම වේ."
මීට අමතරව සන්නිවේදනයේ ප්‍රධාන අරමුණු අතරද පෙළඹවීම දැකගත හැකිය.එම අරමුණු නම්,
* තොරතුරු සම්පාදනය
* අධ්‍යාපනය සම්පාදනය
* විනෝදාස්වාදය
* පෙළඹවීම
* සමාජානුයෝජනය
වශයෙනි. තවදුරටත් විමසා බලන කළ බලපෑමක් සිදුවිය හැකි ආකාර ලෙස,
* දීර්ඝකාලීන - කෙටිකාලීන බලපෑම්
* ආකල්පමය - චර්‍යාමය බලපෑම්
* ශිෂ්ට - අනිෂ්ට බලපෑම්
* ඍජු - වක්‍ර බලපෑම්
යනාදියයි. වර්තමානය වන විට ගුවන්විදුලිය පසු කරමින් රූපවාහිනිය විසින් ජනතාව පෙළඹවීමට ලක් කරයි. විශේෂයෙන්ම ශ්‍රව්‍ය මෙන්ම දෘශ්‍ය මාධ්‍යක් බැවින් රූපවාහිනිය ජනතාවගේ ඇස,කන,දිව,ශරීරය,නාසය ආදී වශයෙන් පචේන්ද්‍රියන්ම සමත් වන මාධ්‍යක් වන නිසාවෙන් යම්කිසි තොරතුරක් මගින් ජනතාව පෙළඹවීමට ඇති හැකියාව ඉතා ඉහළය. රූපවාහිනියක් මගින් ජනතාවට පෙළඹවීමක් කළ හැක්කේ,
* පුවත්
* දැන්වීම්
* තරග වැඩසටහන් (නාට්‍ය, සංගීත, නැටුම්)
* වේදිකා නාට්‍ය / මෙගා නාට්‍ය
* චිත්‍රපටි
* සම්මුඛ සාකච්ඡා
* කාටූන්
* වාර්තාමය වැඩසටහන්
යනාදීන් මගිනි. රූපවාහිනිය මගින් ඍජු මෙන්ම වක්‍ර බලපෑමක් සිදු වේ. ඍජු බලපෑමක් යනු ජනතාවට එකහෙලා, දුටු පමණින්, ඇසූ පමණින් සිදුවන බලපෑමයි. වක්‍ර බලපෑම යනු දුටු පමණින්, ඇසූ පමණින් එකවර තීරණයක් නොගෙන ගුණ දොස් විමසා, වැඩි විස්තර සොයා බලා එනම් නිරීක්ෂණයකින් පසුව නිගමනයකට පැමිණීමයි.
රූපවාහිනියෙන් සිදුවන ඍජු බලපෑම ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම දැන්වීම් පාදක වී ඇති බව දැකගත හැකි වේ. දැන්වීමක් යනු, යම් අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් වන අතර, විනාඩි කිහිපයක විකාශය වන්නකි.එසේම ලාභය අරමුණු කර ගත්තකි.
Ex-: 👉 Lux සබන් දැන්වීම තුළ ජනප්‍රිය, රූමත් බොලිවුඩ් නිළියක් තිබීම නිසා එම නිළියට මෙන්ම ඇගේ රූපශ්‍රීයට කැමති බොහෝ දෙනෙක් මෙම සබන් කැටය ගැනීමට පෙළඹේ.
👉 EGB නැතුව කෑම එපා දැන්වීමත් සමග නව සංස්කෘතියක් පවා ඇති කිරීමට සමත්ව ඇත.
👉 Lifebouy සබන් කැටය අනෙකුත් සබන් කැටවලට වඩා විෂබීජ වලින් ආරක්ෂා කරන සබන් කැටයක් ලෙසත්, Covid 19 වලින් ආරක්ෂාවීමට හැකි ලෙස නිපදවා ඇති බවත්, විවිධ වර්ගයේ Handwash පිළිබඳවත් පෙන්වා දීම.
👉 Amritha හදුන්කූරු පිළිබද දැන්වීම මගින් ඇස් නොපෙනෙන වයසක මිනිසා හදුන්කූරු සුවදින් කඩේ අයිතිකරුගේ නිවස සොයන කළ මානසික ඍජු පෙළඹවීමක් සිදු කරනු ලබයි.
පුවත් නිසාවෙන් සිදුවන ඍජු බලපෑම ගත් කල්හි යම් සිදුවීමක් ඇසෙනවාට වඩා, ඇසෙනවා සේම පෙනීම තුළින් එම පුවත පිළිබද අවබෝධයක් ලැබෙනවා සේම, එම සිදුවීම සිදු වූ ස්ථානයේ සිට එය නරඹනවා සේ හැගීමක් ඇති වීම නිසාවෙන් ඍජු පෙළඹවීමක් ජනතාව තුළ සිදු වේ. විශේෂයෙන්ම රටක ආර්ථික, දේශපානික,ආගමික මෙන්ම සමාජීය පුවත් ජනතාවට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බැවින් එවැනි පුවත් ඍජු බලපෑමක් ඇති කරනු ලබයි.
Ex-: 👉 අයවැය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම
👉 2019 ජනාධිපතිවරණයේ ජය කාටද යන වග
👉 නුවර පෙරහැර පිළිබඳව
👉 පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාරය
👉 සේයා දැරිය, විද්‍යා සොහොයුරිය දූෂණය කර මරා දැමීම පිළිබඳව පුවත්
මෙවැනි ආකාරයේ පුවත් ඍජුවම හදවතට මෙන්ම මොළයට එකවර බලපෑමක් ඇති කරන අතර හැගීම්බර වීම තුළින්ද, මෙවැනි සිදුවීම් වලට හේතු, වගකිව යුත්තන් සෙවීමට උත්සාහා කිරීම තුළින් ඍජු පෙළඹවීමක් සිදු වන බව මනාව පැහැදිලි වේ. විශේෂ තනතුරු හොබයන පුද්ගලයකු විසින් පවසන ලද විවිධ ප්‍රකාශ ඔස්සේද මෙම ඍජු බලපෑම සිදු විය හැකිය.
Ex-: 👉 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග ඊට පසුව ඇති වූ සිංහල - මුස්ලිම් කලකෝලාහල අතරමැද ගරු කාදිනල් පියතුමා විසින් සජීවී පුවත් ඔස්සේ සියලුම ජනතාවට සාමකාමී ලෙස හැසිරෙන ලෙස ඉල්ලා සිටීම.
👉 ජනාධිපතිවරයා, අගමැතිවරයා විසින් කරන විවිධ ප්‍රකාශන.
මෙහි ඇති සජීවී බව හා කාලීන බව නිසාවෙන්ම ඍජු බලපෑමක් සිදුවන ආකාරය දැකගත හැකිය.
මීට අමතරව රූපවාහිනි මගින් වක්‍රව සිදුවන බලපෑම ගතහොත් සමහර දැන්වීම් නිසාවෙන්ද එය සිදු වේ.
* Tution Class පිළිබඳව ඉදිරිපත් කරන දැන්වීම්
* ක්ෂණික ආහාර පිළිබඳව දැන්වීම්(කොත්තුමී, මැගී, සෝයා)
* ආගමික වැඩසටහන්, සමාජ සත්කාර පිළිබඳ දැන්වීම් ( මනුසත් දෙරණ, ගම්මැද්ද, ලස්සන ලංකාවක් යටතේ තාප්ප වල චිත්‍ර ඇදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම)
යනාදිය පෙන්වා දිය හැකිය. තවද චිත්‍රපටි, මෙගා ටෙලි නාට්‍ය වලින්ද වක්‍ර වශයෙන් බලපෑම් සිදුවිය හැකිය.
* පවුල් සබදතා බිද වැටීම හා පවුල් ප්‍රශ්න ඇති වීම
* සියදිවි හානි කර ගැනීම
* චරිත වලට මෙන්ම එම චරිතවල ක්‍රියාකාරකම්වලට පන පෙවීමට උත්සාහා කිරීම
* ඇබ්බැහිවීම තුළින් කායික මෙන්ම මානසික රෝගවලට ගොදුරු වීම
යනාදිය සිදු වේ. ඉන්දියානු මෙගා නාට්‍ය ඔස්සේත්, (Action Film) ක්‍රියාදාම චිත්‍රපටි ඔස්සේත් මෙය වැඩි වශයෙන් දැකගත හැකිය.වර්තමානයේ නිශ්පාදනය කරන ඇතැම් චිත්‍රපටි මගින් දේශපාලන තත්ත්වයන් කෙරෙහි ජනතාව වක්‍ර ලෙස පොළොඹවන ආකාරය දැකිය හැකිය.
Ex-: 👉 ගින්නෙන් උපන් සීතල චිත්‍රපටිය මගින් රෝහණ විජේවීරයන් ප්‍රමුඛ කණ්ඩායමේ සුදු පැතිකඩ කතා බහ කරන අතර එම චිත්‍රපටිය මැතිවරණ සමයත් සමග වැඩි වශයෙන් රූපවාහිනිය තුළින් විකාශනය වන බව දැකගත හැකිය.
තවද විවිධ අධ්‍යාපන වැඩසටහන් ඔස්සේ දරුවන් විභාග කඩයිම් ජයග්‍රහණය කිරීමට පෙළඹවීමක් කරනු ලබයි.
Ex-: 👉 ITN තක්සලාව
👉 ජාතික පාසල
👉 නැණසල
යනාදිය පෙන්වා දිය හැකිය. එසේම විවිධ සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ඔස්සේද යම්කිසි ආකාරයක වක්‍ර බලපෑමක් ඇති වේ.
Ex-: 👉 සටන
👉 කතුර
👉 බලය
👉 දොරමඩලාව
වැනි දේශපාලන ප්‍රශ්න පිළිබඳව කතා බහට ලක්වන වැඩසටහන් මෙන්ම, Black Cat, Black & White, උකුස්සා වැනි වාර්තාමය වැඩසටහන්ද පෙන්වා දිය හැකිය. එසේම කාටූන් හරහාද යහපත් මෙන්ම අයහපත් ආකාරයෙන් වක්‍ර බලපෑම් සිදු වේ.
වර්තමානයේ මෙම බලපෑම සිදු කිරීම පිණිස නිර්මාණශීලීත්වය, වර්ණ භාවිතය, හැගීම් යොදා ගැනීම, ප්‍රිය මනාප පුද්ගලයන් යොදා ගැනීම, කාලය පිළිබඳව සැලකිලිමත් වීම, කුමන් ග්‍රාහක පිරිසක් කුමන වේලාවේ බලපෑමට හසු කරවා ගත යුතුද යන්න තීරණය කරලීම යන්න පිළිබඳව සැලකිලිමත් වන ආකාරය දැකගත හැකිය. විශේෂයෙන්ම රූපවාහිනියේ උදෑසන විකාශය වන්නේ නිවසේ සිටින,රාජකාරියට පිටත් වන පිරිස් වෙතය.ඒ අනුව,
* පිරිත්
* පත්තර පිටුව
* ලග්න ඵලා පල
යනාදියයි. ඉන්පසුව පෙ.ව. 8.00 - 11.00 ත් අතර නිවසේ සිටින ගෘහණියන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
* Liya, Facia ක්‍රීම් වර්ග හා ටැබ්ලට් වර්ග පිළිබඳව (රූපලාවණ්‍ය පිළිබඳව)
* ඉවුම් පිහුම් පිළිබඳව
* මැහුම් ගෙතුම් පිළිබඳව
* මනමාලියන් හැඩගැන්වීම පිළිබඳව
* නිවාස අලංකරණය පිළිබඳව
ආදී වැඩසහන් විකාශනය වේ. එසේම සවස් කාලයේ විකාශන කටයුතු සාමාන්‍යයෙන් සවස 4.00 සිට 6.00 පමණ කාලය වනතෙක් කාටූන් විකාශය වන අතර නිවසේ විවේකී සුවයෙන් සිටින වැඩිහිටි මෙන්ම කුඩා පිරිස්ද වක්‍ර ලෙස එම කාල සීමාව තුළ රූපවාහිනි තිරය අසලම තබා ගැනීමට කටයුතු කරනු ලබයි.
මේ කියනා ආකාරයේ බලපෑමක් සිදු වූවාද යන්න වග විවිධ භාවාත්මක ප්‍රකාශනයක් ඉදිරිපත් වීම (හැඩීම,සිනාසීම,තරහා ගැනීම), නිවසේ සිට අත්හදා බැලීම, එවෙලේම භාණ්ඩ, ආහාර, ඇදුම් පැළදුම් ආදිය ඇනවුම් කිරීම, දුරකථන ඇමතුමක් ලබා දී හෝ විස්තර දැනගැනීම ආදී වශයෙන් විවිධ හැසිරීම් මගින් දැනගත හැකි වේ.
මේ අනුව විමසා බලන කළ ජනමාධ්‍ය සංදේශ ඍජුව මෙන්ම වක්‍ර වශයෙන්ද සමාජ බලපෑමක් කරන බවත්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් වන රූපවාහිනිය මගින් එම බලපෑම දැඩි ලෙස දැකගත හැකි බවත් මනාව පැහැදිලි වන අතර ලාභය පිණිස මෙන්ම ජනතාව අතරට යම් පණිවිඩයක් ලබා දීමටත්, රටේ තත්ත්වයන් වෙනස් කිරීමට යනාදියටත් බලපෑමක් එල්ල කිරීමට අවශ්‍ය නම් ඒ සදහා රූපවාහිනී මාධ්‍ය යොදා ගැනීම සාර්ථක උපක්‍රමයක් බවත් පෙන්වා දිය හැකිය.
සැකසුම- 😊නිපුනි භාග්‍යා, සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊
Good effort
ReplyDeleteThanks
DeleteGood
ReplyDeleteGoog Job
ReplyDelete❤👍
ReplyDelete♥️👍
ReplyDelete❤️
ReplyDelete