සියදිවි නසා ගැනීම් වැළැක්වීම සදහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම
ලතින් භාෂාවේ "Sucidium" යන වචනයෙන් බිදී ඉංග්‍රීසි භාෂාවේදී "සූසයිඩ්" යනුවෙන් සකස්ව පැමිණි සියදිවි නසා ගැනීම වර්තමාන සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. එනම් පුද්ගලයෙකු විසින්, තමන් විසින්ම තම අතින්ම තම ජීවිතය නසා ගැනීමකි. බුදු දහමේදී මෙය ප්‍රාණඝාතයක් ලෙසද පෙන්වා දෙයි. 1.සෞඛ්‍ය සංවිධානයට අනුව,
"තම මරණයෙන් ජීවිතය කෙටි කර ගැනීම තම අනුදැනුමෙන් හා කැමැත්තෙන් යොදා ගන්නා, ජීවිතයට හානි ගෙන දෙන්නා වූ ක්‍රියාවක නිරත වීම වන අතර මෙම ක්රියාවේ අවසාන ප්‍රතිඵලය මරණය වන බව ඔහු ඇය දනී "
යනුවෙන් මෙය හිතාමතා තම සිතුවිල්ලකට අනුව, අවසන් ප්‍රතිඵලය පිළිබද අවබෝධයකින් තමා විසින්ම කර ගන්නා දෙයක් බව පෙන්වා දෙයි.
2.සිග්මන් ෆොයිඩ්ට අනුව,
"පුද්ගලයෙකු තුළ සහජයෙන්ම ඇති ප්රචණ්ඩත්වය තමාටම එල්ල කර ගැනීමකි" (පෙරේරා, 2004)
මෙම නිර්වචනයට අනුව පුද්ගලයා තුළ පවතින ප්රචණ්ඩ බව මීට හේතුව ලෙස දක්වයි.
3.මීරියම් වෙබ් පිටුවට (www.merriam.webster) අනුව,
"ස්ව කැමැත්තෙන් හා හිතාමතාම තමන්ගේ ජීවිතය ගත කිරීමේ ක්‍රියාව හො අවස්ථාව සිය දිවි නසා ගැනීමයි"
ජීවිතයේ අවසන් අවස්ථාව,ක්‍රියාව මරණයයි. නමුත් එය ඉබේ, ස්වාභාවික සිදු වන්නට ඉඩ නොදී තම කැමැත්ත ඇතිව මරණයට පත් වීම මින් අදහස් කරයි.
4. කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව,
"හිතාමතාම ඔබම ඝාතනය කර ගැනීමේ ක්‍රියාව"
මෙමගින් මනුෂ්‍ය ඝාතනයක් තමන් විසින්ම කරන බව පෙන්වා දෙයි. සමස්ථයක් ලෙස ගත් කල්හි සියදිවි නසා ගැනීම යනු තමන් විසින්ම තම මරණය ලගා කර ගැනීමකි.
ශ්‍රී ලංකා පොලිස් වාර්තාවලට අනුව 2006 - 2015 දශකය තුළ 204,933 ක ජනගහණයකින් පිරිමි සියදිවි නසා ගැනීම් 29346-(77.87%) සහ ගැහැණු සියදිවි නසා ගැනීම් 8338-(22.12%) සිදුව ඇති බව දක්වයි. මෙම බොහෝමයක් සියදිවි නසා ගැනීම් සිදුව ඇත්තේ,
- ප්‍රේම සම්බන්ධතා නිසා ඇතිවන කළකිරීම/ බලාපොරොත්තු කඩවීම
- ලිංගික අතවර වලට ලක් වීම
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
- මානසික ආබාධ
- දෙමාපියන් ඇතුළු ඥාතීන්ගේ මරණ නිසා සිත් තැවුලට පත් වීම
- ආර්ථිකය හා සම්බන්ධ ගැටළු
- නිදන්ගත රෝග සහ ශාරීරික අපහසුතා
- වැඩිහිටියන් සම්රග ඇතිවන ගැටළු (ගුරුවරු / දෙමාපියන්)
සියදිවි නසා ගැනීම පිළිබදව විවිධ ප්රවේශයන් ලෙස මනෝවිද්‍යාත්මක, සමාජවිද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ප්රවේශයන් දැකගත හැකිය. මෙම ආකාරයන්ගෙන් සියදිවි නසාගත්තවුන් ලෙස,
- ඇල්ෆර්ඩ් එඩින්බරෝ කුමාරයා
- මාර්ක් ඇනටොමි
- ක්‍රිස් ඇක්ලන්ඩ් (1996,ගෙල සිර කර ගැනීමෙන්,English Drummer for the band Lush)
- රොබට් ඇඩම්ස් (1906,වෙඩි තබා ගැනීමෙන්,Congressman from Pensselvania)
- පූෂාණ් රාජ්පුත් (හින්දි නළු, ගෙල සිර කර ගැනීමෙන්)
මෙම සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීම පිණිස මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් අත්‍යවශ්‍යම දෙයකි. මන්ද මෙය තමාගේ සිතුවිල්ලකට, තීරණයකට අනුව සිදුවන දෙයක් බැවිනි. එනම් මනස විසින් ලබාදෙන පණිවිඩ මගින් සිදු කරන්නකි. එබැවින් මනෝවිද්‍යා ප්‍රතිකාර, පුහුණුව ආදී විවිධ ක්‍රම ශිල්පයන් ඔස්සේ සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකිය. ඒ අනුව,
01. සියදිවි නසා ගන්නවුන් තේරුම් ගැනීම- විවෘත සාකච්ඡා, සැලසුම් හදුනා ගැනීම හා සැලැස්මට අදාළ පහසුකම් හදුනා ගැනීම මෙහිදී සිදු කරයි. උපදේශකයාට සිත් කියවිය නොහැකිය. එබැවින් මෙම ගැටළු සහිත පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම සමග සාකච්ඡා කළ යුතුය.
02. ක්‍රියාකාරීව සවන් දීම- ගැටළුව පිළිබදව එනම් සියදිවි නසා ගැනීමට සිතන්නේ ඇයිද, සබදතා වලින් දුරස්ව සිටින්නට හේතුව, ඇදුම්,පැළදුම්,කෑම බීම පිළිබද වෙනදා මෙන් කැමැත්තක් දැනෙන්නේ නැද්ද යනාදී ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව දෙන පිළිතුරු කෙරෙහි සවන් දිය යුතුය. ඕනාවට එපාවට, නිදිමත ගතියකින්, වෙනත් කල්පනාවක සිට එය නොකළ යුතුය. වැඩි අවධානයක් උපදේශනලාභියාට යොමු කළ යුතුය.
03. මරණය සදහා භාවිතා කළ හැකි සෑම දෙයක්ම ඉවත් කිරීම- මෙමගින් ඔහුට/ඇයට මරණයට ලක්වීමට යාමේ ක්‍රියාවෙන් පොඩි කාලයකට හෝ මගහරවා ගැනීමට හැකිය. විශේෂයෙන් කෘමිනාශක,වල්නාශක යනාදීන් නිවසට ගෙන ඒමෙන් වැළකීම.
04. හැගීම් පිට කිරීමට ඉඩ ලබා දීම- දුක,තරහව,ප්රචණ්ඩත්වය වැනි හැගීම් නිසා සියදිවි නසා ගැනීමට සිතෙනු ඇත. එවන් විටක එම හැගීම් පිට කිරීමට ඇති තරම් කාලය ලබා දිය යුතුය. ශබ්ද නගා කෑ ගැසීමට, කෑ ගසමින් හැඩීමට ආදියට ඉඩ දිය යුතුය. නමුත් ශරීරයට යම් හානියක් වන ආකාරයේ හැගීම් පිට කිරීම් සදහා ඉඩ නොදිය යුතුය.
05. සුදුසු උපදේශකවරයෙකුට / මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීම- පළපුරුද්ද සහිත, එම විෂය හදාරා ඇති සුදුසුකම් සහිත අයෙකුදැයි සොයා බලා මනෝ ප්‍රතිකාර සදහා යොමු කළ යුතුය.
06. මානසික පීඩනයට ඔරොත්තු දීමේ කුසලතා වර්ධනය කිරීම- ආගමික,සමාජීය හා අධ්‍යාපනික වශයෙන් සිදු කළ හැකිය. (බුදු දහමේ අනිත්‍යතා සංකල්පය) සබදතා කඩා වැටීම්, පළුදු වීම් වූ අවස්ථාවල හැසිරිය යුත්තේ කෙසේද යන්න කියා දීම. ඉවසීම,ඍජු බව,අන්‍යමත ගරු කිරීම හා ඇහුම්කන් දීම වැනි ගුණාංග වර්ධනය කළ හැකිය.
07. කායික වශයෙන්, ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය
08. විවිධ අභ්‍යාස සදහා යොමු කරවීම
09. මානසික රෝග(කාංසාව,විශාදය) වලින් පීඩා විදින පිරිස් මනෝ වෛද්‍ය සායන වලට යොමු කරවීම
10. පවුල් තුළ සමගිය වඩවන ක්‍රියාකාරකම් වල යෙදවීම
11. විධිමත් අධ්‍යාපනයේදී දරුවන්ගේ වැරදි ආදරණීයව පෙන්වා දීම හා පීඩනයට ලක් නොකිරීම
යනාදිය සිදු කළ හැකිය. මේ අයුරින් විමසා බලන කළ සියදිවි නසා ගැනීම වැළැක්වීම සදහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම ඉතා වැදගත් බවත්,ඉන් එම සිතුවිල්ල වෙනතකට යොමු කරමින් ජීවිත සුරක්ෂිත කර ගැනීමට උපකාරී වන බවත් තහවුරු වේ.
සැකසුම- 😊ඩී. නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය😊
Good work..its very useful these days..because i'm stustudying about suicide these days..
ReplyDeleteThank you.Good luck for your study.
DeleteVeleuble 👍♥️
ReplyDeleteThank you..😊✌️
Delete