සංවර්ධන සන්නිවේදනය
සංවර්ධන සන්නිවේදනය පිළිබද මූලික අදහසක් ලබා ගැනීමට නම් පළමුව ‘‘සංවර්ධනය‘‘ යන්න පිළිබද අවබෝධ කරගෙන සිටීම වැදගත් වේ. ඊට හේතුව සංවර්ධන සන්නිවේදනය නැමැති සංකල්පය හා එම ප්‍රවණතාව සංවර්ධනය පිළිබද අදහසේ විකාශනයක් සමග ගොඩනැගුණක් බැවිනි. ඒ අනුව සංවර්ධනය යනු,
01.සංවර්ධනය පිළිබද අතීත විග්‍රහය නම්,
"සමෘද්ධිමත් වීම සංවර්ධනය වේ"
02. 1960 දශකයේදී ඩබ්ලිව් ඩබ්ලිව් රොස්ටෝ ප්‍රකාශ කර ඇත්තේ,
"ආර්ථික වර්ධනය ඇති කිරීම සංවර්ධනය වේ"
මෙම ප්‍රකාශ දෙක කෙරෙහි බලන කළ සංවර්ධන ක්‍රියාවලිය ප්‍රාග්ධන සූක්ෂම එකක් බවට පත්ව ඇත.මෙම සංවර්ධන ප්‍රවේශය තුළ මතු වූ ගැටලු පදනම් කරගෙන සංවර්ධනය පිළිබද නව කතිකාවත් බිහි වී ඇත.
03. 1982 වසරේදී මෙක්සිකෝ නගරයේ පැවති ජාත්‍යයන්තර සමුළුවකදී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ,
"සංවර්ධනය යනු ආර්ථීක වර්ධනය ඉක්මවා පැතිරෙන සංකීර්ණ, පුළුල් හා බහුමානීය ක්‍රියාවලියකි.මෙම ක්‍රියාවලිය ජන ජීවිතයට අදාළ සියලු අංගද ඔවුන්ගේ ශක්තියද ඇතුළත්ව සමස්ථ ජනතාවට එම ක්‍රියාවලියට දායක වී එතුළින් ලැබෙන වාසි සියල්ල භුක්ති විදී"
04. ඩඩ්ලි සියර්ස්ට අනුව,
"සංවර්ධනය යනු රටක දුප්පත්කම,අසමානතාව හා විරැකියාව අඩු කිරීම හෝ අහෝසි කිරීමයි"
05. එඩ්ගා ඕවන්ස්ට අනුව,
"සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය (මානව සංවර්ධනය)මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවේ."
06. මහත්මා ගාන්ධිතුමාට අනුව,
"සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයයි.එයට මානසික අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත්"
07. ලෝක සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ පෝල් පී ස්ට්රීටන්ට අනුව,
"සංවර්ධනය යනු නූතන ලෝකයේ බරපතල වී තිබෙන බලවේග කිහිපයකට එරෙහිව නැගී සිටීමයි.එම බලවේග නම් මන්දපෝෂණය,රෝග,නූගත්කම,මුඩුක්කු, විරැකියාව හා සමාජ අසපානතාවයයි"
08. මහාචාර්ය විමල් දිසානායකට අනුව,
"ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය හා සදාචාරාත්මක සංවර්ධනය යන කොටස් වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි"
09. ආර්ථික විද්‍යාඥ ගුනර් මිර්ඩාල්ට අනුව,
" සමස්ත සමාජ ක්රමයේම ඉදිරි ගමන හෝ විප්ලවීය වෙනස්වීමකි"
10. ඇඩම් ස්මිත්ට අනුව,
"යම් රටක් සංවර්ධනය වීමට නම් එරට ප්‍රමාණවත් තරම් සම්පත් තිබිය යුතුය"
11. ආචාර්ය සලීමා ඕමාර්ට අනුව,
"මානව ගරුත්වය,සමතාවය,සමාජ සාධාරණත්වය යන මූලධර්ම පදනම් කරගෙන සමාජයේ සිදුවන සංගෘහිතවූත්,සමතුලිතවූත්,ඒකාබද්ධවූත් වර්ධනය සංවර්ධනය නම් වේ"
12. ඉයනතුල්ලා නම් පර්යේෂකයාට අනුව,
"සංවර්ධනය වූ කලී මානව සාරධර්ම රකිමින් අභිමත පරිදි වඩාත් සුදුසු සාමාජික වෙනසක් ඇති කිරීම විය යුතුය"
13.එවරට් රොජර්ස්ට අනුව
"සංවර්ධනය යනුවෙන් හැදින්විය යුත්තේ සාමාජික සහභාගීත්වයෙන් යුතුව කෙරෙන වෙනසකි.එමගින් සාමාජික හා භෞතික අභිවර්ධනයන් ඇති විය යුතුය"
14. ඩබ්ලිව්. ඒ. ඩී. කරුණාතිලක මහතාට අනුව,
"සංවර්ධන ක්‍රියාවලියේදී ආර්ථික,ශාරීරික,සංස්කෘතික,ආධ්‍යාත්මික,අන්තර්පුද්ගල සහ දේශපාලන යනාදී සෑම අංශයකම එකට බැදුණු වර්ධනයක් සිදුවිය යුතුය"
යනාදිය පෙන්වා දිය හැකිය. එසේම සංවර්ධන සන්නිවේදනය සංකල්පය පිළිබදවද විවිධ පාර්ශව විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සංවර්ධන සන්නිවේදනය යනු,
01. අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය මිලාන්ට අනුව,
"පසුගිය කාලයේ ඌන සංවර්ධිත රටවල සාම්ප්‍රදායික සමාජයන්හි ඇති වූ සියලුම තාක්ෂණික වෙනස්වීම් අතුරින් ඉතාම මූලික වූත් මානව වර්ගයා කෙරෙහි සර්ව ව්‍යාපී බලපෑම් ඇතිවූත් වෙනස්වීම සන්නිවේදනය හා සම්බන්ධය"
02. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුව,
"සංවර්ධනය සදහා සන්නිවේදනය යනු සංවාදය සක්‍රීය කරවන ද්වි මාර්ගික සන්නිවේදනය පද්ධති මගින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්රියිවලියක අදාළ තීරණ වලට මැදිහත් වීමයි"
03. මහාචාර්ය විමල් දිසානායකයන් තම "සංවර්ධනය හා සන්නිවේදනය"කෘතිය තුළින් පෙන්වා දෙනුයේ,
"කිසියම් ජනතාවක් දරිද්‍රතාවයෙහි සිට වඩාත් සමෘද්ධි සම්පන්න තත්ත්වයක් කරා පත් කිරීමටත්. ආර්ථික වෘද්ධීයක් ඇති කිරීමටත්, සමාජ සමානාත්මතාවයක් පතළ කිරීමටත්,මිනිසාගේ නෛසර්ගික ශක්‍යතා වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමටත් අනුබල දෙන සන්නිවේදනය"
04. මහාචාර්ය සුනන්ද මහේන්ද්රයන්ට අනුව,
"ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය, සිනමාව ඇතුලු යම් යම් ජනමාධ්‍ය මෙහෙයවමින් යම්කිසි මානව ජනාවාසයක කිසියම් යහපත් පරිසරයක් සකසාලිය හැකිනම් එය වැඩදායක ක්‍රියාදාමයක් වනු ඇත.මෙම පදනම සංවර්ධන සන්නිවේදනය වේ.
05. ස්වීඩනයේ මැල්මෝ විශ්වවිද්‍යාලයට අනුව,
"ගෝලීයකරණය සන්දර්භයෙහි සංවර්ධනය සදහා සන්නිටව්දනය භාවිතය යනු සමාජ වෙනස්කම් සදහා ක්‍රියාවලි ප්‍රකාශයට පත් කිරීමේ ක්රමයකි"
06. සිල්වියෝ වයිස්බෝඩ්ට අනුව,
සංවර්ධනය සදහා සන්නිවේදනය ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් 05 ක් හදුනාගෙන තිබේ.ඒ අනුව,
*කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම(පුද්ගලයන් හා ප්‍රජාව දැනුම අත්පත් කර ගැනීම)
* ඉහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම
* සන්නිවේදන මෙවලම් භාවිත කිරීම
* පුද්ගලාන්තර සන්නිවේදනය හා ජන සන්නිවේදනය අතර සමබරතාව නිර්මාණය කිරීම
* පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන් වලට ප්‍රමුඛතාව ලබා දීම
07. රෝම සම්මුතියට අනුව,
" සංවර්ධනය සදහා සන්නිවේදනය යනු පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිත කරමින් සංවාදය මත පදනම් වූ සමාජ ක්‍රියාවලියකි. එසේම දැනුම, නිපුණතා, බෙදාහදා ගැනීම, ගොඩනැගීම මෙන්ම ප්‍රතිපත්ති විවාද හා ස්ථීරසාර වූ සංවර්ධනයක් සදහා සවන්දීම, විශ්වාසය ගොඩනැගීම හා විවිධ මට්ටම්වල වෙනස්කම් හදුනා ගැනීමයි. එය මහජන සම්බන්ධතාව හෝ ආයතනික සන්නිවේදනය නොවේ"
08. ශ්‍රී නිවාස් මැල්කොට් ට අනුව,
* විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසදුම් සැපයීම
* මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම
* ආගමික බැදීම් වලින් තුන්වන ලෝකයේ විමුක්තිය ලබා ගැනීම
* සන්නිවේදනය හා සමාජ ව්‍යූහය පිළීබද සම්බන්ධතා වැඩි දියුණු කිරීම
* තුන්වන ලෝකයේ සංවර්ධනය සදහා සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීමට යෝජනා හා ඒවා සිදු කළ හැකි බව වටහා ගැනීම
යනාදීන් පෙන්වා දිය හැකිය. ඉහත සියලුම නිර්වචනයන් දෙස බලන කල්හි සංවර්ධන සන්නිවේදනය යනු කුමක්දැයි යන්න පැහැදිලි වනු ඇත.
පරිශීලන ග්රන්ථ
01. මාරසිංහ සී.,2020, "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය- 2", ස්ටැම්ෆර්ඩ් ලේක් පුද්ගලික සමාගම,පානදුර, පිටු 214-270
02. අත්තනායක බී,"සංවර්ධන සන්නිවේදනය"
03. ඩයස් එස්. එම්.,"සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය"
04. මහේන්ද්‍ර එස්.,"සන්නිවේදනය සහ සහභාගීත්ව සංවර්ධනය", ඉරෙඩ් ප්‍රකාශන
05. මහේන්ද්‍ර එස්.,"සන්නිවේදන ක්ෂේත්රය හා ජනසන්නිවේදනය"
06. දිසානායක ඩබ්ලිව්., "ජනසන්නිවේදනය හා සමාජය"
07. දිසානායක ඩබ්ලිව්., "සංවර්ධනය හා සන්නිවේදනය"
08. වික්‍රමසිංහ එල්.,1983, සංවර්ධන හා ප්‍රජා සහභාගීත්වය, ජනවාරි කලාපය
09. සන්නිවේදන (සගරාව), 1-2 කලාපය, කැළණිය විශ්ව විද්‍යාලය
10. කරුණාතිලක,1992,"ප්‍රජා සංවර්ධන-1 වෙළුම,2 දෙසැම්බර් කලාපය, පිටුව 55
11. ගුණවර්ධන එන්., 1993, "මාධ්‍ය විමර්ශී-1", පිටුව 68
සැකසුම- 😊නිපුනි භාග්‍යා පීරිස්, සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය😊
Super 👍
ReplyDeleteThanks✌️
DeleteGreat
ReplyDeleteThank you.
Deleteගොඩක් වැදගත්
ReplyDeleteස්තූතියි
DeleteThat's really important...
ReplyDeleteThank you