Posts

Showing posts from October, 2020

ගෝලීයකරණයට එරෙහිව ලාංකේය හා ගෝලීය ව්‍යාපාර

ගෝලීයකරණය වර්තමානය වන විට අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික, සෞඛ්‍ය, ආගමික, තාක්ෂණය, සන්නිවේදනය, කලා සාහිත්‍ය, නීතිය මෙන්ම සමාජීය යන සෑම අංශයක්ම පාහේ වසාගෙන හමාරය. එය යහපත් ආකාරයෙන් මෙන්ම අයහපත් ආකාරයෙන් දැකගත හැකිය. මෙම පැතිකඩයන් දෙකම විමසා බලන කළ ගෝලීයකරණය වැඩි වශයෙන් සෑම අංශයක් කෙරෙහිම අයහපත් ලෙස බලපාන බව දැකගත හැකිය. එනිසාම ගෝලීයකරණට එරෙහිව විවිධ වූ ව්‍යාපාරයන් බිහි වී ඇත. ගෝලීයකරණයේ අයහපත් බලපෑම්  ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බව පහත කරුණු මගින් තහවුරු කර ගත හැකිය.  * බහුජාතික සමාගම්වල පැමිණීමත් සමග කොකාකෝලා, පැන්ටා, ස්ප්‍රයිට් වැනි බීම ජාතිවලට හුරු වීමත් EGB නැතුව කෑම එපා සංස්කෘතිය බිහිවීමත්, මැක්ඩොනල්ඩ්, පීට්සා හට් වැනි ව්‍යාපාරයන් බිහිවීමත් සිදු විය. මේ හරහා මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම කුඩා පරිමාණ වෙළදසැල් වැසී යාමත්, පාඩු ලබන තත්ත්වයන්ට පත් වීමත්, පුද්ගලීකරණයට ලක් වීමත් සිදු විය. නිදසුන් ලෙස, 1. වේයන්ගොඩ “වේටෙක්ස්‘ හා තුල්හිරිය “තුල්ටෙක්ස්“ රෙදි කර්මාන්ත ශාලාව 2.  ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි කම්හල් 3. පුත්තලම හා ගාල්ල සිමෙන්ති කම්හල් 4. නාත්තණ්ඩිය හා රත්මලාන වීදුරැ ...

විශේෂාංග යනු

ගෙවීයන සෑම නිමේෂයකම විවිධාකාර සිදුවීම් ගණනාවක් ඇති වේ. තොරතුරු දැන ගැනීමේ උණකින්,පිපාසයකින් ජනතාව නිතරම  පෙළේ. මෙවැනි තත්ත්වයක මෙම සිදුවීම් ජනතාව වෙත ගෙන යාමට පුවත්පත කටයුතු කරයි.    " පුවත්පතක් යනු නවන ලද,නොබදින ලද කොළවලින් යුත්, ප්‍රවෘත්ති විශේෂාංග හා දැන්වීම් අඩංගු සාමාන්‍යයෙන් දිනපතා හෝ සතිපතා ප්‍රකාශයට පත් කරන මුද්‍රිත ප්‍රකාශනයකි." පුවත්පතක්   යන්න ඔක්ස්ෆර්ඩ් විශ්වකෝෂය තුළින් පෙන්වා දෙනු ලබයි. මේ අනුව බලන කළ පුවත්පතකට විශේෂාංගය යන්න වැදගත්ම අංගයකි. විශේෂාංගයක් යනු බොහෝවිට ප්‍රවෘත්තියට වඩා පුළුල් වූද, නොයෙක් ආකාරයේ විස්තර හා විග්‍රහයන්ගෙන් සමන්විත වූ සුනම්‍ය හා රසවත් භාෂා ශෛලියකින් ඉදිරිපත් කරනු ලබන්නකි.පාඨකයන්ගේ මනෝභාවයන්ට ආමන්ත්‍රණය කරන ආකාරය දැකිය හැකිය. විශේෂාංගය විශේෂාංග කර්තෘ මගින් සිදු වේ. විශේෂාංගයක් යනු කුමක්දැයි යන්න නිශ්චිත වූ අර්ථකථන දැකගත නොහැක.      "විශේෂාංගය ඇපල් ගෙඩියක රසයට හෝ තුරු වදුළු පිස හමන සුළගේ හඩට සමාන වෙයි. "                                ...

වර්තමාන ධර්ම සන්නිවේදනය වානිජ්‍යකරණයට ලක්ව ඇත්ද ?

මෙම ප්‍රශ්නයට අදාළව  වර්තමාන ධර්ම සන්නිවේදනය  වාණිජ්‍යකරණයට ලක් වී ඇති බව හෝ  වාණිජ්‍යකරණයට ලක් වී නැති බව  යන පැතිකඩයන් දෙක කෙරෙහිම කතා කළ හැකි අතර මා විසින් මෙහිදී  වර්තමාන ධර්ම සන්නිවේදනය  වාණිජ්‍යකරණයට ලක් වී නැති බව පෙන්වා දෙනු ලබයි. බුදුරජාණන් වහන්සේ මනා සන්නිවේදන  කෞෂල්‍යකින් හෙබි විශිෂ්ට ශාස්තෘවරයෙකි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. එදවස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විශාල ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්මය දේශන කළ නක් උදායි හිමි පිළිබද ආනන්ද හිමියන් විසින් බුදුහිමිව දැනුවත් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමිට ප්‍රකාශ කරනු ලැබුවේ අන් අයට ධර්මය දේශනා කිරීම දුෂ්කර කටයුත්තක් බවයි. ඒ බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උදායි සුත්තයේ දක්වා ඇත්තේ “ නඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දේසෙතුං" යනුවෙනි. බුදුන් වහන්සේ මෙලෙස දේශනා කරනු ලැබූ ධර්මය වර්තමානයේ ජනතාව වෙතට සමීප කරන උතුම් කර්තව්‍ය ඉටු කරනුයේ  බුදුන් වහන්සේ සරණ ගියා වූ ශ්‍රාවක සංඝ රත්නය හා උපාසක උපාසිකා පිරිසයි.  අධිවේගී විද්‍යාත්මක හා තාක්ෂණික වර්ධනය මගින් ල...

ජනමාධ්‍ය සංදේශ සෘජුව හා වක්‍රව සමාජ බලපෑම් ඇති කරයි.(රූපවාහිනිය ඇසුරින්)

යම්කිසි තොරතුරක්, සිදුවීමක්,අවස්ථාවක් හෝ පුද්ගලයෙක් පිළිබද තාක්ෂණික උපකරණ භාවිතයෙන් මුළු මහත් ලෝකවාසී සියලුදෙනාටම දැනගත හැකි ආකාරයට හුවමාරු කර ගැනීමට, බෙදා හදා ගැනීමට වර්තමානය තුළ පහසුකම් නිර්මාණය වී ඇත. තොරතුරු දැනගැනීමේ නොනිමි ආසාවෙන් පෙළෙන්නා වූ සියලු පිරිස් වෙත නැවුම්, කාලීන්,සත්‍ය යන අංගයන්ගෙන් සමන්විත වන පුවත් විවිධ මාධ්‍ය ඔස්සේ, එනම් ජනමාධ්‍ය ඔස්සේ ලබාගත හැකිය. ඉංග්‍රීසි භාෂාවේ Media යනුවෙන් මාධ්‍ය හදුන්වන අතර, ජනමාධ්‍ය යන්න Mass Media යනුවෙන් හදුන්වයි.ජන මාධ්‍ය යනු කුමක්දැයි විවිධ නිර්වචන ඔස්සේ විමසා බලමු. 1. "සන්නිවේදකයා ඉදිරියේ නොමැති, එහෙත් විශාල ජනකායක් සමග යෙදීම ජන සන්නිවේදනය වන අතර එන ජන සන්නිවේදනය සදහා යොදා ගන්නා මාධ්‍ය ජනමාධ්‍ය නමින් හැදින් වේ."   - www.ethaksalawa.com,PDF, සන්නිවේදන වර්ගීකරණය, පිටුව 17- මෙම නිර්වචනයට අනුව පොදු ජන කණ්ඩායමක් උදෙසා පණිවිඩ, තොරතුරු බෙදාහරින බවත්, ඒ සදහා යොදාගන්නේ මාධ්‍යක් ලෙස ජනමාධ්‍ය බවත් පෙන්වා දෙයි.එනම් රූපවාහිනිය, ගුවන්විදුලිය යනාදිය මගින් තොරතුරු බෙදා හරින බවයි. 2. "යම් සිදුවීමක් අළලා යථාර්ථය නැවත ප්‍රතිබන්ධගත කරමින් වි...

තීරු ලිපි යනු හිඩැස් පිරවීමක් නොවේ.

 ලිඛිත සන්නිවේදනය මුල් කොටගත් මෙවලම පුවත්පතයි. එහි අඩංගු වන තීරු ලිපිය වූ කලී පුවත්පතක සුවිශේෂී අංගයක් වේ. එය ප්‍රවෘත්ති වාර්තාවකට වඩා වෙනස් වූවකි.තවද කතුවැකියට, විශේෂාංග ලිපියකට, විවේචනයකට ඉදුරාම වෙනස්‍ වේ.වචන 250-750 ත් අතර වන තීරු ලිපිය සංක්ෂිප්තතාව ආත්මකොට ගත්තකි. මෙවැනි වචන සංඛ්‍යාවක් සහිත ලියවිල්ලකින් සමාජයට විශාල බලපෑමක් එල්ල කළ හැකි බව ඇමරිකානු පුවත්පත් කලා විශ්වකෝෂය පෙන්වා දෙයි. තීරු රචනාකරණය පුවත්පත් කලාවට එක් වී ඇත්තේ, - පිටුවක තීරුවක් පිරවීම සදහා අවශ්‍ය සන්දේශ අවශ්‍ය වීම - නිසරු ලේඛන ලෙස ඇතමුන් විසින් ඉවත දමන දේ සරුකොට ඵල කිරීම යන කාරණා මත වේ. වර්තමානයේ ඉහත සදහන් කළා වූ වචන ප්‍රමාණය ඉක්මවූ දීර්ඝ තීරු ලිපි ඇත. මුල්ම යුගයේ පුවත්පතේ ඉහළ සිට පහළට තනි තීරුවක තීරු ලිපිය පළ වූවද  අද එය වෙනස් වී ඇත. සාර්ථක තීරු ලිපියක් තුළින් තීරු ලිපි රචකයාගේ අනන්‍යතාවය විදහා දැක්වේ. ප්‍රථම තීරු ලිපිය පළවී ඇත්තේ, 1768 වසරේදීය. "ඇමරිකාවේ බෝස්ටන් ඊවිනින් පෝස්ට්" පත්‍රයෙහි සතියකට වරක් පළ වූ "තොරතුරු සංග්‍රහය" නම් කෙටි තීරු ලිපියයි.මෙකල ඇමරිකානු පුවත්පත් කලාවේ සිටි තීරු ලිපි රචකයන්...