Posts

Showing posts from June, 2021

ආත්මානුකම්පාව

Image
නොනවතින ගමනක්, ඉටු නොවන සිහිනයක්, පුංචියට හරි සිත්තම් කරන්නට, මටත් හැකි වුණා නම්... පුපුරු ගැහෙනා හදවතක්, කදුළු දග කරන දෙනයනක්, මොහොතකට හරි පිනවන්න, මටත් හැකි වුණා නම්... ගෙවෙන හැම තත්ත්පරයක්, හූල්ලන වාරයක්, මතක ඔබෙ නවතන්න, මටත් හැකි වුණා නම්... පැතිර යන ඝනදුරක්, පුදුම හුදකලාවක්, මොහොතකට සැනසෙන්න, මටත් හැකි වුණා නම්... 🖋️නිපුනි භාග්‍යා පීරිස්😊