ජනමාධ්‍ය විකාශනය යනු මානව ඉන්ද්‍රීය පද්ධතියේ දිගුවීමකි.

මානව විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ක්‍රෝ මැග්නන් මිනිසා හෙවත් නූතන මානවයා වන හෝමෝ සේපියන් මානවයා බැලූ බැල්මට වෙනස් නොවුනද සැලකිල්ලෙන් බැලුවහොත් මේ දෙදෙනා අතර වෙනස්කම් දැකගත හැකිය. අපේ ආදී මානවයා තම අදහස් මෙන්ම සිහි කටයුතු දේ මතක තබා ගැනීමට අක්ෂර විද්‍යාව ඇරඹීමට පෙර චිත්‍ර, රේඛා, සංකේත හා සංඥා වැනි ප්‍රකාශන විධි යොදාගෙන ඇත.නිදසුන් ලෙස, - ගිනි මැලයක් පත්තු කිරීම - හූ හඩ තැබීම - ගල්ගුහාවල හා රූප්පාවල චිත්‍ර ඇදීම යනාදිය පෙන්වා දිය හැකිය. මුල්කාලීනව මානවයාගේ අදහස් ප්‍රකාශනය ප්‍රාථමිකය.එමෙන්ම සීමා සහිතය. උච්චාරණ ඉන්ද්‍රීය දෙස බලන විට කතා කිරීමේ හැකියාවක් නොතිබුණු බව පෙනේ. මොළය කුඩා වීම නිසා මතක ශක්තිය අඩු වී ඇත. පණිවුඩයක් තේරුම් ගැනීමටත්, ඊට අදාළ පිළිතුරක් ලබා දෙන්නටත් සැලකිය යුතු කාලයක් ගත වී තිබේ. නිදසුන් ලෙස, ක්‍රෝ මැග්නන් මානවයා භාෂාවක් භාවිතයට සමත් වීම(වසර35000-40000 ක් අතර කාලයක් වැය වී ඇත.), නියැන්ඩාල් මානවයා සංඥා සලකුණු භාවිතා කිරීම යනාදිය පෙන්වා දිය හැකිය. අතීතයේ තම අදහස් සෙල්ලිපි,ටැම්ලිපි,ගිරි ලිපි හා පුවරු ලිපි ආදියෙහි කොටා දැක්වීම සිදු කර ඇත.නිදසුන් ලෙස, - තෝනිගල සෙල්ලිපිය - ...