Posts

Showing posts from January, 2021

සියදිවි නසා ගැනීම් වැළැක්වීම සදහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම

Image
ලතින් භාෂාවේ "Sucidium" යන වචනයෙන් බිදී ඉංග්‍රීසි භාෂාවේදී "සූසයිඩ්" යනුවෙන් සකස්ව පැමිණි සියදිවි නසා ගැනීම වර්තමාන සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. එනම් පුද්ගලයෙකු විසින්, තමන් විසින්ම තම අතින්ම තම ජීවිතය නසා ගැනීමකි. බුදු දහමේදී මෙය ප්‍රාණඝාතයක් ලෙසද පෙන්වා දෙයි. 1.සෞඛ්‍ය සංවිධානයට අනුව, "තම මරණයෙන් ජීවිතය කෙටි කර ගැනීම තම අනුදැනුමෙන් හා කැමැත්තෙන් යොදා ගන්නා, ජීවිතයට හානි ගෙන දෙන්නා වූ ක්‍රියාවක නිරත වීම වන අතර මෙම ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය මරණය වන බව ඔහු ඇය දනී " යනුවෙන් මෙය හිතාමතා තම සිතුවිල්ලකට අනුව, අවසන් ප්‍රතිඵලය පිළිබද අවබෝධයකින් තමා විසින්ම කර ගන්නා දෙයක් බව පෙන්වා දෙයි. 2.සිග්මන් ‍ ෆොයිඩ්ට අනුව, "පුද්ගලයෙකු තුළ සහජයෙන්ම ඇති ප්‍රචණ්ඩත්වය තමාටම එල්ල කර ගැනීමකි" ( පෙරේරා, 2004 ) මෙම නිර්වචනයට අනුව පුද්ගලයා තුළ පවතින ප්‍රචණ්ඩ බව මීට හේතුව ලෙස දක්වයි.  3.මීරියම් වෙබ් පිටුවට  ( www.merriam.webster ) අනුව, "ස්ව කැමැත්තෙන් හා හිතාමතාම තමන්ගේ ජීවිතය ගත කිරීමේ ක්‍රියාව හො අවස්ථාව සිය දිවි නසා ගැනීමයි" ජීවිතයේ අවසන් අවස්ථා...